මතභේදයට තුඩුදුන් ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා නවතම තොරතුරු අනාවරණය කළේය.
ගුණාත්මකභාවයෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් අදාළ වගකිවයුතු සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1කට ආසන්න මුදලක් දඩ වශයෙන් ලබා ගැනීමට කටයුතු කර ඇත.
ලක්විජය බලාගාරයේ විශේෂඥයන් ඉදිරිපිට ලබාගත් ගල් අඟුරු සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාව වෙත යොමු කළ බව ඒ මහතා සඳහන් කළේය.
දෙවැනි නෞකාවෙන් රැගෙන ආ ගල් අඟුරු තොගවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නොමැති බව තහවුරු වී ඇති අතර, තෙවැනි සහ සිව්වැනි නෞකාවල ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වේ.

දෙවැනි නැවේ ගල්අඟුරුවල අවුලක් නැහැල්ලු. ඒත් රිපෝට් එක හංගලා
ReplyDelete