මොඩියුලවල අනුමත නොකළ-නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්...


 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කර ඇති මොඩියුල පොත්වල අධ්‍යාපනික වශයෙන් සුදුසු බවට කිසිදු රාජ්‍ය ආයතනයක් සහතික කර නොමැති තවත් “වෙබ් අඩවි” රාශියක නම් ඇතැයි  ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.

“වැඩිදුර ක්‍රියාකාරකම් වෙනුවෙන්” යැයි සඳහන් කරමින් සෑම මොඩියුලයකම වෙබ් අඩවිවල නම්  මුද්‍රණය කර ඇතැයි කී උන්වහන්සේ ගුරුවරු, විදුහල්පතිවරු මෙන්ම මවුපියෝ ඒවායේ සුදුසු, නුසුදුසු බව පිළිබඳව  අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසා ඇතැයි ප්‍රකාශ කළහ.

පළමු ශ්‍රේණියේ පළමු වාරයේ මොඩියුලයේ පමණක් කිව්ආර් කේත 41ක් ඇතැයි පැවසූ එහිමියෝ ඒවායේ අසභ්‍ය දෑ අඩංගු නොවන බවට කිසිදු නිලධාරියකු සහතිකයක් ලබාදී නැතැයි කීහ.

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය හැර අනෙකුත් මොඩියුලවල නුසුදුසු වෙබ් අඩවි ඇතුළත් නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය මෙතෙක් තහවුරු කර නැතැයිද සුමංගල හිමියෝ සඳහන් කළහ.

පෙළපොතක් මුද්‍රණය වන අවස්ථාව වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ කණ්ඩායම් 08ක් දෙවරක් නිරීක්ෂණයට ලක් කරන පසුබිමක හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට “අසභ්‍ය වෙබ් අඩවියක්” ඇතුළත්ව තිබීම ගැටලුවක් බව කී එහිමියෝ ජාතික අධ්‍යාපන ආයතනයේ මෙතෙක් පෙළපොත් සකස් කර අත්දැකීම් ලත් විද්වතුන්ට මොඩියුලවලට නුසුදුසු වෙබ් අඩවි ඇතුළත් කිරීමේ වුවමනාවක් නැතැයි පැවසූහ.

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අමාත්‍යාංශයේ ඉහළ මැදිහත්වීමක් සහිතව වුවමනාවෙන්ම නුසුදුසු වෙබ් අඩවියත් ඇතුළත් කර තිබෙන බවත්, එම පොත තමන් වහන්සේට නිරීක්ෂණය නොවූයේ නම් 05 වැනිදා සිසුන් අතට පත් කිරීමට සූදානම්ව තිබූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සැප්තැම්බර් 22, 23 දිනවල සූදානම් කර තිබූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මොඩියුල හඳුන්වාදීමේ වැඩමුළුවකදී  සියලුම මොඩියුලවල මුද්‍රිත පිටපත් ලබාදෙන බවට  කලින් දැනුවත් කර පසුව විද්‍යාව පොත පමණක් ලබාදුන් බවද  සුමංගල හිමියෝ කීහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය සමිති සහභාගි වූ මෙම දෙදින වැඩමුළුවේ පළමු දිනයේදී අනෙකුත් මොඩියුල පොත් නොදීම පිළිබඳව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පළමු දිනයේදීම එම වැඩමුළුව කඩාකප්පල් වූ බව උන්වහන්සේ සඳහන් කළහ.

අමිත් මධුරංග ගමගේ

6 Comments

  1. Hamuduruo neweyne oka issalama dekke

    Boru widinawa

    ReplyDelete
    Replies
    1. පංච නිරාවරණය වෙන්විය රිදිලාද රෙවිලාද?

      Delete
  2. හාමුදුරුවෝ මොක්කුද බොල සිලබස් හදන්න? පණික්කිය බොරු විඳිනවා. තව පාස්පෝට් එකක් ඕනද?

    ReplyDelete
    Replies
    1. is it difficult for you when revealing pach kota's truth?

      Delete
    2. තමුන්ට වැඩිය බොහොම උගතෙක්.

      Delete
  3. Buddy jvp/ Npp government is so desperate to convert every one in to buddies.

    ReplyDelete
Previous Post Next Post