දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් පාසල් සහ අවතැන් වූවන් රැදි සිටි පාසල් ගොඩනැගිලි සහ ආපදාට පත් ජනතාව රැදී සිටි ගොඩනැගිලි සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් (03) දින නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.
දිට්වා
සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාසල් 85ක පමණ ගොඩනැගිලි විනාශ වී තිබූ
අතර, තවත් පාසල් කිහිපයක අවතැන් කදවුරු පවත්වාගෙන යනු ලැබීය.
කොත්මලේ
වැවල්ටන් දමිළ මහා විද්‍යාලයට පිවිසෙන මාර්ගයද සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති පසුබිමක
එම නාය ගිය ස්ථානය තරණය කරමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පා.ම. මංජුල සුරවීරආරච්චි
මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා තිලකරත්න මහත්මිය කොත්මලේ වැවල්ටන්
දමිළ මහා විද්‍යාලය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයට දායක විය.
- රංජිත් රාජපක්ෂ

Another exhibition
ReplyDeleteදන්න වැඩ තමයි ඔය කරන්නෙ. පචෝරිස්ලට රැවටුණ ගවයො එවපු කසළ තමයි.
ReplyDelete