සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම එල්ල වූ මධ්‍යම පළාතේ නිවාස, මාර්ග, පාසල්, සෞඛ්‍ය පහසුකම් සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති දැඩි ලෙස අබලන් විය. ගංවතුරත් සමඟ ගොඩගැසුණු සුන්බුන් සහ කළමනාකරණය නොකළ අපද්‍රව්‍ය හේතුවෙන් මහජන සෞඛ්‍ය හා පාරිසරික ගැටළු මෙන්ම සේවා සැපයීමේ දුෂ්කරතා ද ඇතිව තිබේ.
ඊට අමතරව හානියට පත් ප්‍රජා පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ළමාරක්ෂක සහ පළාත් පාලන වැනි සේවාවන් ලබා දීමට ද අවහිරතා මතුව ඇත.
මළ අපජලය හා රොන් මඩ කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතියක්
මේ වනවිටත් ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වන අතර ආපදාවෙන් ඇතිවූ මෙම විශේෂ තත්ත්වය
පිළිබඳව ජපාන නියෝජිතයින්ට අවබෝධයක් ලබා දී මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීමට සහයෝගය
දක්වන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඔවුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව, දැඩි මූල්‍ය හා මෙහෙයුම් සීමාවන් යටතේ
සිටින පළාත් පාලන ආයතන හට බාහිර සහාය නොමැතිව එම පසු ආපදා තත්ත්වයන්ට ප්‍රමාණවත්
ලෙස ප්‍රතිචාර දැක්වීමට නොහැකි බැවින්, එම අවශ්‍යතා සපුරාලමින් සේවා ප්‍රතිස්ථාපනය
කිරීම මෙන්ම අනාගතයේදී ඇති විය හැකි මෙවැනි තත්ත්වයන්ට සරිලන පරිදි සේවා ප්‍රතිසංස්කරණය
සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම ඉලක්ක කරමින් මෙම ව්‍යාපෘති යෝජනාව
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ හා සම්බන්ධ වන පාර්ශ්වයන් සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්‍යාලය හරහා ජපන්
රජයෙන් සැපයෙන අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක ආධාර මත, මෙම වසරේ (2026) මැයි මාසයේ සිට ලබන
වසරේ (2027) ඔක්තෝබර් මාසය දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට
නියමිත වේ. මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම මෙහිදී ඉලක්ක කර ඇති
අතර සමස්ත සෘජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව පුද්ගලයින් 340,000ක් පමණ වේ.
ගංවතුරෙන් බලපෑමට ලක්ව කසල එකතු කිරීම සඳහා
පළාත් පාලන ආයතන සතුව දැනට ඇති වාහන ගමන් කළ නොහැකි කුඩා මාර්ග සහිත ප්‍රදේශ වල
ඇති ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය, ඝණ අපද්‍රව්‍ය (ප්ලාස්ටික්, ලෝහ වැනි) හා විද්‍යුත් අපද්‍රව්‍ය (e-waste) එකතු කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා
විශේෂ විදුලි ත්‍රිරෝද රථ 45ක්, අපද්‍රව්‍ය චලනය නිරීක්ෂණය කිරීම සහ පළාත් පාලන ආයතන සමඟ
සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා සරල ඩිජිටල් ලුහුබැඳීමේ මෙවලම් භාවිතය
හඳුන්වා දීම, විදුලිය
ගබඩා කිරීමේ බැටරි පහසුකම් සහිත සූර්ය පැනල පද්ධති සමඟ නැවත ගලවා වෙනත් තැනක
ස්ථාපනය කළ හැකි විශාල ප්‍රමාණයේ ප්‍රජා මධ්‍යස්ථාන 15ක් මෙමගින් හිමිවන අතර, කාන්තාවන් හා අවධානමට ලක්විය හැකි
කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ද මේ හරහා
ක්‍රියාවට නැංවේ.

අපෙ නිවස ගංවතුරින් යටවුනා. ඉතා හොදින් කාටවත් අතනොපා හිටපු අපේ නිවස සම්පූර්ණයෙන්ම යටවි ඇදිවත පමණයි ඉතිරි උනේ. අපි දිනකට පැය 18 බැගින් දින 07ක් ඒකදිකට බිරිද සහ මම පමණක් මහන්සිවී නැවත නිවසේ පදිංචියට ගියා. අපි අපද්‍රව්‍ය මලුවලට දමා ඒකතුකලේ අපද්‍රව්‍ය බාහිර පරිසරයට ඒකතු නොවීමට. නමුත් ඒම යූරියාමලු 15 සහ ඉතිරි රොඩු රැගනයාමට සභාවේ සේවකයින් රුපියල් 4500ක මුදලක් ඉල්ලුවා. උන්ට 4500 දෙනව තියා අපිට කන්නවත් නෑ.
ReplyDeleteඉතා ඛේදනීය අත්දැකීමක්. යහපත් මනුෂ්‍යයෙක් ඉදිරිපත් වී මෙය විසඳා දෙන්නේ නම් එය මහත්වූ මනුසත් කාර්යයකි.
Delete