පාවහන් නිසා සීගිරියේ පඩිපෙල් ගෙවෙනවා...- ඇමති සෙනෙවි

 


සීගිරි පර්වතයේ පිහිටි පැරණි පඩිපෙළ දිනෙන් දින ක්ෂය වීමේ තර්ජනයකට මුහුණ පා ඇති බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා අනාවරණය කළේය. 

දිනපතා පැමිණෙන සංචාරකයින් පාවහන් පැළඳ ඒ මත ගමන් කිරීම මෙම ශීඝ්‍ර ගෙවීයාමට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පිරිහෙමින් පවතින ලෙන් විහාරය පිළිසකර කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ පැවැති සුහද හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙරට පෞරාණික උරුමයන් වඩාත් සුරක්ෂිත කරනු පිණිස දැනට පවතින පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි.

3 Comments

  1. ගල් ගෙවෙන හින්දාද ගල් කපන්න උගන්නන්නේ

    ReplyDelete
  2. තුහ්හ් නොදකින් මේ ආගමික අන්තවාදියා (මෑල්කම්ගේ ) බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න ඉදිරිපති උන සෙබලා ....අද ඈවිත් ලකුනුදාගන්න පච දොඩවනවා මේවා මේ කොටි සතුටු කරන්න නෙමේ මේවා කොටි ඩයස්පෝරාවෙන් ලපයට ලෑබුන නියෝග ....කොටි ඩයස්පෝරාව ඩග්ලස් එක්ක තිබෙන් කෝන්තරය තමා මේ එලියට එන්නේ .....ජෙප්පෝ කියන්නේ බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න කොටි ඩයස්පෝරාවට පොරොන්දු වෙච්ච තිරිසන් බල්ලෝ ජාතියක් ....

    ReplyDelete
  3. Then we all can fly like birds right? Ha you all big brains is it? Just cover your head with a piece of cloth , because its so valuable. Idiot is too good for you man, i don't know where you all come from ?

    ReplyDelete
Previous Post Next Post