මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා මැතිවරණ වේදිකාවේ කිවූ දියුණු දේශපාලන සංස්කෘතිය පෙන්වමින් ඇය ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, කමිටුවේ ප්‍රධානියා පත් කර ඇත්තේ අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේද අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැතිනිය බවත් ඔහු මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
පිටස්තරයෙකුට පොත මුද්‍රණය කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් බව නාමල් රාජපක්ෂ පැවසීය.
"කිසිවෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යැවිය නොහැකි බවත් එක් පුද්ගලයෙකුට විෂයයක් හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
එම තීරණ ගැනීමේදී අදාළ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්‍යෙන්ම දැන සිටින බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

me gani ratata monawada kele kiyanne ko boru kara pacha kelinwa vitheria
ReplyDeleteඅනේ බං, උඹලා තාමත් හිතන් ඉන්නේ මයිනයි කපුටයි ආතයි කොලා කියලද උඹලට බිජ්ජක්?
Deleteමයිනගෙයි, කපුටගෙයි, ආතගෙ වටිනාකම දැන් හොදටම තේරෙනවා
Deleteජොනියව අල්ලල ලු නේද? ඔය තියෙන්නෙ මයිනෝ, කපුටෝ සහ ආතලාගේ කෙරුවාවෙන් බිඳක්.
Deleteඑතනෝල් ජොනිය අල්ලලා. ඇට දෙක දානවලු පරිස්සමට ලාච්චුවේ
DeleteIlla asweyan baelli
ReplyDeleteරට බන්කොලොත් කලේ උඹෙ අප්පොච්චියි බාප්පලයි කියලා අධිකරණ තීන්දුවක්ම තියනවා. හරිනම් පරම්පරා හතකටවත් උඹලා දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනේ
ReplyDelete