ගංජා ලෙඩක් වැටුනු මාලිමා මන්ත‍්‍රී අත්හිටවූ සිරදඬුවම් ලැබූවෙක්.. නඩු වාර්තාව එලියට..


 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මෙරට නීතිය ඉදිරියේ අපරාධමය වරදකට වරදකරු වී දඬුවම් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව පනවා ඇති අත්හිටවූ සිර දඬුවම තවමත් බලාත්මක මට්ටමේ පවතින බවයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවලට අනුව, ශාන්ත පත්ම කුමාර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ රාජකාරියට බාධා කර, ඔහුට අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වරදකරු වී ඇත.

එහිදී අධිකරණය විසින් ඔහුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති අතර, එම සිර දඬුවම වසර පහක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ.

මීට අමතරව රුපියල් 20000ක වන්දි මුදලක් ගෙවීමටද නියම කර ඇත.

අත්හිටවූ සිර දඬුවමේ කාලසීමාව මෙම දඬුවමට එරෙහිව මන්ත්‍රීවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද, 2021 අගෝස්තු මස 03 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබේ. 

ඒ අනුව, 2021 අගෝස්තු 03 වන දින සිට වසර පහක කාලයක්, එනම් 2026 අගෝස්තු මස 03 වන දින දක්වා මෙම අත්හිටවූ සිර දඬුවම බලාත්මක බව සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

යම් හෙයකින් ඔහු නීතිය උල්ලංඝනය කළහොත්, එම මාස තුනක සිර දඬුවම අනිවාර්යයෙන්ම විඳීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා සම්බන්ධ කංසා වගාවක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබඳවද සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරියාට පහර දී ඇතැයි චෝදනා ඒල්ල වන අතර මේ වන විට පහර කෑමට ලක්වූ එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවද කාරියවසම් මහතා පැවසීය.

විශේෂයෙන්ම, මෙම සිදුවීම වාර්තා කළ 'හිරු' නාලිකාව තහනම් කිරීමට පොලිස්පතිවරයා යටතේ පවතින මාධ්‍ය අංශය හරහා පැමිණිල්ලක් කරමින් උත්සාහ දැරීම මෙරට ඉතිහාසයේ නොවූ විරූ බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. දඬුවම් ලැබූ අපරාධකරුවෙකු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳව සාගර කාරියවසම් මහතා සිය දැඩි විරෝධය පළ කළේය

4 Comments

  1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. පුන රුදාව නේ

    ReplyDelete
  2. පොලිස් නාඩගමේ රහස ඒකයි එහෙනම්.

    ReplyDelete
  3. පැය 24 ම ගංජ ගහල ඉන්න උන්ගෙන් voice cut ගන්නකොට ඔහොම තමයි. මූ හිතාගෙන ඉන්නෙ පොන්නමල් ජනාධිපති මූ අගමැති කියල. කරුමක්කාර ජීවිත, සරමෙ පිහදාගත්ත නැති එකේ අවුල්.

    ReplyDelete
Previous Post Next Post