ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා මහතා හා නාමල් රාජපක්ෂ අතර හමුවක් අද දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුවිය.
කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.
මහාමාත්‍ය සිද්ධරාමයියා මහතා නාමල් රාජපක්ෂ සමඟ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Namal have to destroy SJB & UNP ,
ReplyDeleteALSO NEED TO START FROM 0 WITH HIGH DICIPLINE
මෙයාව මධ්‍යයෙන් බොරුවට පුම්බනවා. බෞද්ධයොත් නෙවෙයි. බලය තියනකාලේ පිස්සු කෙලියා උපරිමට. දැන් කියන්න එපා ජෙවිපී ආධාරකරුවො කියලා.
ReplyDeleteයකෝ බලාගෙන ගියාම හුලං ගහලා බැලුමක් වගේ පුම්බපු කයිතන්ගේ ගෝලයෙන් කියනවා නාමල්ව මාධ්‍යයෙන් පුම්බනවා කියලා.මුන් මහින්දය විතරක් නෙවෙයි පුතාවත් මාර බයක්නෙ තියෙන්නේ.අපි ජෙප්පො නොවෙයි කීවාට ලියන පළමූ වාක්‍යයෙන්ම බඩු කවුද කියලා පේනවා ආයිබෝං
ReplyDelete2028 දී පාස්කු වගේ ගේමක් සෙට් කරයි ද?
ReplyDelete