සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළේ යැයි කියන මෙම වාහන අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම්, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඒ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.
කෙසේ වෙතත්, අද දින විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුව ඔහු එම කොට්ඨාසයට පැමිණ සිටියේය.
මෙම සිද්ධියටම අදාළව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා සහ සතොස ආයතනයේ හිටපු නිලධාරියෙකු මේ වන විටත් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ක්‍රියාත්මක වේ.
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම පරීක්‍ෂණවලටම අදාලවයි.

ලමා පරපුර අපයෝජනයට පාර කපන දරුවන්ට කුනුහරුප වෙබ් අඩවිය හදුන්වා දුන් හරිනි අත් අඩංගුවට ගනු.
ReplyDeleteමුගේ එක ලේකමයි අල්ලලා ඇට දෙක පරිස්සං වෙන්න ලාච්චුවට දැම්මේ. පාරම්පරිකව පාවා දුන්නා. පට්ටයි
ReplyDeleteපඩ ෂෝ දානව. රටම ගඳයි
ReplyDelete