මන්ත‍්‍රී ප‍්‍රාදේශීය ලේකම්ගේ ඇගට ගොඩවේ.. ඔහු පොලිසි යයි..

 


කොත්මලේ ප්‍රාදේශිය ලේකම් නදීර ලක්මාල් මහතාට සහ එම කාර්යාලය යටතේ සේවය කරන කොත්මලේ රම්බොඩ වසම භාර සංවර්ධන නිළධාරියට රාජකාර්යට බාධා කරමින් බැන වැදුනේ යැයි කියන කොත්මලේ ප්‍රාදේශිය සභෘවේ සජබ මන්ත්‍රීවරයෙකුට එරෙහිව ලද පැමිණිලි මත කොත්මලේ පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සජබ මන්ත්‍රීවරයා විසින් (12) දින කොත්මලේ වැවන්ඩන් වතුයා‍යේ දිට්වා සුලි කුණාටුවෙන් අවතැන් වී දැනට කොත්මලේ තවලන්තැන්න තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ රැදී සිටින අවතැන් වූවන් සම්බන්ධයෙන් සිදු කරන සොයා බැලීම ප්‍රමාණවත් නොවන බව පවසමින් අදාළ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා බැන වැදුනු බවත්, තවද ප්‍රජා ශක්ති වැඩ සටහන පිලිබදව තමන්ව දැනුවත් නොකල බව පවසමින් සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ තමන්ට බැන වැදුනු බවයි කොත්මලේ රම්බොඩගම වසම භාර සංවර්ධන නිළධාරිවරිය කොත්මලේ පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

එම සිද්ධිය පදනම් කර ගනිමින් කොත්මලේ ප්‍ර‍ාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත සංවර්ධණ නිළධාරි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව (13) දින පූඩළුඔය නගරයේ උද්ගෝෂණයක නිරත වෙමින් පසුව පුඩළුඔය නගරයේ පිහිටි ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ගොස් එම සභාවෙ සභාපතිවරයා හමු වී මේ පිලිබදව සාකච්ඡා කිරිමක්ද සිදු කරනු ලැබූවා.

මෙම අවස්තාවට කොත්මලේ ප්‍රාදේශිය ලේකම් නදීර ලක්මාල් මහතාද එක් වී ප්‍රාදේශීය සභාවේ සභෘපතිවරයා හමුවේ කියා සිටියේ රජය නිකුත් කරනු ලබන චක්‍ර ලේකන වලට අනුගත වෙමින් තමන් සහ තම කාර්යාලයේ නිළධාරින් උපරිම අයුරින් ප්‍රදේශයේ ජනතාවට සේවය කරන බවයි.

මෙසේ සිදු කරන තර්ජන ඉදිරියට නොකරන ලෙසට වග බලා ගන්නා ලෙස කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ අජිත් කුමාර මුරමුදලිගෙදර මහතාගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post