රංවලගේ බිරිද රිය අනතුරකින් රෝහලේ... ඇල්කොහොල් පරීක්‍ෂණ එවෙලේම.. රියදුරු බීමතින්..


හිටපු කතානායක මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ. 

කැලණිය බියගම මාර්ගයේ මන්ත්‍රීවරයාගේ නිවස අසලදීම මෙම ගැටීම සිදුව ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි.

බණ්ඩාරවත්ත දෙසින් පැමිණි වෛද්‍යවරිය, සිය මෝටර් රථය නිවසට හැරවීම සඳහා මාර්ගයේ දකුණු පස නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් එහි ගැටී ඇත. 

එම අවස්ථාවේදී නිවසේ ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයා විසින් කළ දැනුම්දීමකට අනුව වහාම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අනතුර සිදුකළ මෝටර් රථය පදවා ඇත්තේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකි. 

අත්අඩංගුවට ගත් රියදුරු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තුවාල ලැබූ මන්ත්‍රී බිරිඳ මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

8 Comments

  1. "රංවල වන්නම"-2.🤮😡 අහිංසක රියදුරෙක් බීමතින් රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි දඬුවම් ලැබීමට නියමිතයි 😡

    ReplyDelete
  2. පඩිසන් දෙමින් තිබේ

    ReplyDelete
  3. ඔන්න දිට්ඨි ධම්ම වේදනීය කර්මය පලදුන්නා. මිනිහා විසින් දරුවට සහ කාන්තාවන්ට කල වරදට ගැණිට. පලදුන්නා. සාදු සාදු!

    ReplyDelete
    Replies
    1. Winalta pala dunnet ekada ?
      Seat ekat neti wune ?

      Delete
    2. කවුද බන් විනාල් කියන්නේ?

      Delete
  4. hoda wada okata marila yanne thibbe. kalakkinaya boru kiyala parilement avith. ita passe happala biwe na kiyala hoda wada beepu ekema ganiwa happala okage okkotama ohoma wenne oni kalakkine hatta

    ReplyDelete
  5. කනමදයා වගේ බීලා ගිහින් කාර් තුනක් හප්පලා අනතුරු කරපු බේබදු රවි සෙනෙවිරත්නයාට කිසිම ඳඬුවමක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ. ඌට ඳඬුවමට හම්බවුනේ කැබිනට් ඇමතිකමක්.

      Delete
Previous Post Next Post