කුණාටුවෙන් බිත්තිත් එක්කම නිවස ගැලවුනු අවට වන්දි ගන්න ඔප්පුව ගේන්න කියලා....

 


පසුගියදා ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් මහනුවර ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙළ අවිධිමත් බව හිටපු රාජ්‍ය අමාත්‍ දිළුම් අමුණුගම මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කුණාටුවෙන් නිවෙස්වල බිත්ති පවා ගැලවී ගොස් ඇති පසුබිමක, රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල ලබාගැනීම සඳහා ඉඩම් සහ නිවාසවල ඔප්පු රැගෙන එන ලෙස බලධාරීන් පැවසීම හාස්‍යජනක කරුණකි.

නිවසම විනාශ වී ඇති තත්ත්වයක එවැනි ලේඛන ඉතිරි වී ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ඔහු පැවසීය.

මේ වන විට ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින අතර, විධිමත් ක්‍රමවේදයක් නොමැතිකමින් ආධාර ලබාදීමේ කටයුතු ද ඇණහිට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නිවාස පමණක් නොව, තම ජීවනෝපාය මාර්ග ද අහිමි වීම නිසා එම ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බවත්, ඔවුන්ට කඩිනම් සහන සැලසීම රජයේ වගකීමක් බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

6 Comments

  1. ඒ හරි ක්‍රමය​. ඔප්පුවේ පිටපතක් කච්චේරියෙන් ගන්න පුලුවන්. නැතුව කොහොමද අයිතිකරු දැනගන්නේ? ගෙදරක හිටිය තරමින්ම අයිතිකරු කියලා ග්‍රාමසේවක මහතාට කියන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බං යන්න. පච කොටා කෙලින පච හෝදන්න එපා.

      Delete
  2. අමුනුගම උන්නැහේ ගිහින් ඒ මගේ ගෙදරක් කියලා සල්ලි ගත්තොත්?

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ ක්‍රමයද?

      Delete
  3. There may be disputes within the family or with other parties on ownership, court cases etc. If so, those officers who approve the compensation will end up in the courts. Remember, no polititian will come to your aid.

    ReplyDelete
  4. මේවා හිතන්න ඕන ජනතාවට පොරොන්දු දෙන්න කලින්.
    දුර දක්නා නායකත්වය කියන්නේ එකටයි
    කට තිබුණු පලියට විරුද්ධ පක්ෂය ට පාට් දාන්න ඕනවට පාර්ලිමේන්තුවට ගිහින් ඉටු කරන්න බැරි පොරොන්දු දුන්නම, ඒවායේ තාවකාලික චුන් එක ගියාට පස්සේ එන කුණු බැනුම් වලට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා.

    ධම්මපදයේ පලවෙනි ගතව වත් දන්න එකෙක් මේ වගේ වැඩ කරන්නේ නෑ

    ReplyDelete
Previous Post Next Post