ගල් අගුරු සපයන සමාගම හමුවන්න ඇමති රුසියා ගිහින්..

 


ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු මෙරටට සැපයූ බවට චෝදනා එල්ල වී ඇති සමාගමේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා රුසියාව බලා ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති ‘රතු ඉර’ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විෂයභාර අමාත්‍යවරයෙකු ගල් අඟුරු සපයන සමාගම් හමුවීමට මෙලෙස විදේශගත වී සාකච්ඡා පවත්වා නැහැ. නමුත් වර්තමාන අමාත්‍යවරයා මෙම චෝදනා එල්ල වූ සමාගමේ නියෝජිතයන් හමුවීමට රුසියාවට ගොස් තිබෙනවා. මෙය මෙරට ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු වතාවයි."

ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ අමාත්‍යවරයාගේ මෙම ගමන දැඩි සැකයට තුඩු දෙන්නක් බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

මෙරට සිදුවෙමින් ඇති දැවැන්ත ගල් අගුරු වංචාව ගැන ප‍්‍රසිද්ද විවාදයකට ඇමතිවරයාට තමන් අවස්ථා කිහිපයකදීම ආරාධනා කර ඇතත් මෙතෙක් එය පිලිගෙන නැති බවත් මන්ත‍්‍රීවරයා එහිදී පැවසුවේය.

Previous Post Next Post