මන්ත‍්‍රී නිවසට ගල් ගහයි..

 


වැලිවේරිය, ඇඹරලුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ අලුයම මැදියම් රැයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

අලුයම 1:00 ට පමණ අදාළ පුද්ගලයා මාර්ගයේ තිබූ ගල් රැගෙන මන්ත්‍රීවරියගේ නිවසට සහ වෙළඳසැලට පහර දෙන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) සටහන්ව තිබුණි.

දේශපාලන පක්ෂයක ක්‍රියාකාරියෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය විසින් අද පෙරවරුවේ වැලිවේරිය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනටමත් ආරම්භ කර ඇත.

Previous Post Next Post