කුණාටු ආධාර ඉල්ලා හැදු වෙබ් අඩවියට ආධාර ඉතාම අඩුයි.. සමහර ඒවාට රුපියලක්වත් නෑ..


 පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වයෙන් විනාශයට පත් වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා රජය විසින් ආරම්භ කළ අන්තර්ජාල ආධාර වැඩසටහනට මෙතෙක් බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වේ.

විපතට පත් වූවන්ට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මහජනතාවට සෘජුවම දායක විය හැකි වන පරිදි මෙම විශේෂ වෙබ් අඩවිය දියත් කරනු ලැබුවේ මීට සති දෙකකට පෙරය. කෙසේ වෙතත්, එම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියේ ආධාර එකතු කිරීමට පහසුකම් සලසා තිබුණද, මේ දක්වා එකතු වී ඇත්තේ ඉතා අවම ආධාර මුදලකි.

විශේෂයෙන්ම එම වෙබ් අඩවියෙහි සඳහන් කර ඇති බොහෝ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා අපේක්ෂිත මූල්‍ය ඉලක්කයන්ගෙන් 5% ක සීමාවටවත් ළඟා වීමට මෙතෙක් නොහැකි වී තිබීම විශේෂත්වයකි. ව්‍යාපෘති රැසක් තවමත් පවතින්නේ ආරම්භක මට්ටමේය.

යොමුව මෙතනින්...

3 Comments

  1. කැට හොල්ලලා ආධාර එකතු කරපු එක්ස්පර්ට්ලට මොකද මේ වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. Langata avoth magey vena ekak hollala eeta vada gaanak hoyanna puluvan

      Delete
  2. ජෙප්පන්ගේ ආධාර එකතු කිරිල්ල ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ.

    ReplyDelete
Previous Post Next Post