දැන් ජනාධිපතිගෙන බණ කවුරුත් අහන්නෑ.. අහන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ...


 'ජනාධිපතිතුමා අපේ අම්මලාට ශ්‍රී මහා ‍බෝධියේ එහා පැත්තට ගිහිල්ලා සිල් ගන්න එපා කියනවා. හැබැයි මම ජනාධිපතිතුමාට එකක් කියනවා දැන් ඔබතුමාගේ බණ කවුරුත් අහන්නේ නැහැ. පහුගිය කාලේ ඔබතුමාගේ බණ ඇහුවා. දැන් බණ අහන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ' යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පැවසීය.

මන්ත්‍රිවරයා මෙම අදහස් පැකිළේ බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී සංවිධානයකර තිබූ පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් බදුල්ලේ ජනතාව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් මන්ත්‍රිවරයා

සමහරු පක්ෂයේ නායකත්වයට එන්නේ ඊළඟ සැරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නයි. එහෙම ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න දැන් මේ පක්ෂයේ බැහැ. මේ පක්ෂය හදලා යම් තැනකට ගෙනල්ලා රටේ මිනිස්සු පිළිගන්න තැනකට ගෙනාවම කාටහරි ඇවිල්ලා ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්.

ජයලත් දිසානායක

3 Comments

  1. දැන් බදුල්ලේ කවුරුත් වඩේ බඩා ගනං ගන්නෙ නෑ. එදා බෝගහකුඹුර හරියේදී හොඳ හූවක් කාල යන්න උනා නේද ලොක්කා?

    ReplyDelete
    Replies
    1. එදා ඔයා තනියෙන් හූ කිව්වෙ හැංගිලා ඉඳලා

      Delete
  2. කන්තෝරුවේ හාමුදුරුවෝ සමාජ ශෝධකයෙක් විතරයි. බුදු බණ කියන්නෙ නැහැ.

    ReplyDelete
Previous Post Next Post