දේවානිට විපතක්... ලොකු තනතුරක් ඉල්ලයි..

 


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් එහි නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය සිදු කර ඇත.

පසුගිය කාලය පුරාම විවිධ පරිසර ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටිමින් ප්‍රසිද්ධියට පත් ඇය මෙවර පවසන්නේ තමන්ට වඩා ජේෂ්ඨත්වයෙන් පහළ නිලධාරීන් පිරිසක් ඉහළ තනතුරුවලට උසස් වීම් ලබා ඇති බවය.

ඒ පිළිබඳව ඇය දීර්ඝ සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා තිබේ.

අදාළ සටහන මෙසේය.

"මෙතරම් කාලයක් කලාප නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජේෂ්ටත්වයට වන අතර එය අනුර කුමාර මහතා ජනාධිපති වීමට ප්‍රථම කල ප්‍රකාශයක් ෂෙයා කිරීම හේතුවෙන් මොහාන් මහතා උතුරු කලාපයෙන් ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වීමෙන් අනතුරුව වෙනස් වන්නේ ඊලග ජේෂ්ටත්වය මා වීම නිසා විය හැකි බව දැන් මට හැඟේ. 

එතැන් පටන් 2026.01.01 දක්වා කලාප කාර්‍යාල කිහිපක්ම මට වඩා ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යොදවා පාලනය වූයේ වැඩ බැලීමේ පදනම මත හා තමන් තමන්වම අධීක්ෂණය කරමින් පරිපාලන විෂමතා ද සහිතවයි. එහි දී විශේෂත්වය වූයේ එකල ද සහකාර වන සංරක්ෂකයකු වූ විශ්‍රාමික විජේපාල මහතාට කලාපයක වැඩ බැලීම ලබා දුන්නේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් මහතාත් , මාත් සිටියදීය. 

මේ පිළිබඳව ද මා විවිධ අවස්ථාවල විරෝධය පල කල අතර එසේ කිරීම අසාධාරණ බව පෙන්වා දුනිමි. නමුත් පලක් නොවුනි. 

වැඩ බැලීමේ පදනම අයින් කරන අවස්ථාවේදී අදාල තනතුරු ලබා දේවි යන හැඟීමෙන් මෙවර වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කල අතර එය ලබා නොදුනි. නැවත අභියාචනා යොමු කල අතර එයද ප්‍රතික්ෂේප විය. එහෙත් සියලු දෙනාටම එකවර තනතුරු දේවි යැයි අපේක්ෂාවෙන් සිටියෙමි.

 2025.12. 29 දින වන විට ජේෂ්ටත්වයෙන් ඉහලම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දී තිබුණි.

 විශ්‍රාමික විජේපාල මහතාට තනතුර ලබා දීම නිසා වැරදි පූර්වා දර්ශයක් වූ ජේෂ්ටත්වය නොසැලකීම පෙර සේම විජේරත්න මහතාට ලබා දීම සිදු විය. (ඔහු සහකාර වන සංරක්ෂකයින්ගේත් ජේෂ්ටත්වයෙන් දෙවන තැන සිටී.) පහල 2026.01.01දිනට ජේෂ්ඨ්තා ලේඛන 2 දක්වා ඇත. 

තනතුරක් හිමි නොමැති අයෙකුට ලබා දුන් තනතුරක් නිසා තනතුරක් හිමි නොමැති තවත් කෙනෙකුට  එසේ තනතුරු ලබා දිය හැකි ද?

එවිට මට වන අසාධාරණය අසාධාරණයක් නොවේද?  

අඩුම මා ඉල්ලුම් කල වයඹ බස්නාහිර හා දකුණු සබරගමුව නොව  උතුරු කලාපය හෝ ඔහු සුදුස්සකු නොවන බැවින් ලබා දෙන ලෙස පැවසුවෙමි. එයද නැත. 

මෙය ලිවීමෙන් පලක් නොවේ. අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්තාව කර ගනිමි. ස්තූතියි . 

ප. ලි.

යම් අයෙක් අසාධාරණයන්ට ලක්වීම නිසා තනතුරු ලබා දෙන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ මා 2012-2015 , 2016, 2017 වර්ෂවල ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සිටීම, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මානසික පීඩාවන්ට ලක් වීම හේතුවෙන් මෙ වන විට මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය"

21 Comments

  1. You should be in the prison just like your terrible leaders. Remember you stopped the high way with your Anura. According to you it was the only padakarudu tree. Then we found out there are many more you jvp terrorist. Now you are complaining woman?

    ReplyDelete
  2. මරු වැඩේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  3. Is there government institution to solve complaint this issues..?

    Without doing social media

    ReplyDelete
  4. You should be in jail for stopping the highway and causing billions of rupees loss to the govt.

    ReplyDelete
  5. ඔය ගෑනිට හයිවේ එකේ මුරපොලක වැඩක් බාර දෙන්න. එහෙම නැතිනම් හයිවේ දෙපැත්තේ ගස් රකින්න බාරදෙන්න

    ReplyDelete
  6. මීරිගම කඩවත අධිවේගී මාර්ගය නවත්තපු දේවානි බැල්ලි.

    ReplyDelete
  7. THOTA OHOMA WELA MADHI BORU KIYALA ADIWEGI MARAGAYA HADANA EKA NAWATHTHUWATA.

    ReplyDelete
  8. උඹට හොඳ වැඩේ දේවානි මේ ආණ්ඩුවට දික පූගන කඩේ ගියාට

    ReplyDelete
  9. මෙම දේශය බුදුන් පිරිනිවන් පෑමට ප්‍රථම උපුල්වන් දෙවියන්ට භාර කල දේශයයි.
    එක්තරා කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක උපායක් ලෙස ගෝඨාභයගෙ ආණ්ඩුව ජනඅප්‍රසාදයට පත් කිරීමට එම පක්ෂය සමග එක්ව ගසක් අල්ලාගෙන ආණ්ඩු විරෝධී ජනමතයයක් ගොඩනැගුවාය.
    ඒ මොහොතේ එය සාර්ථක විය.ආණ්ඩුව වන සංහාරක ආණ්ඩුවක් ලෙස හංවඩු ගැසිණි.
    නමුත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එතනම නැවතිනි.
    රටට මුදලින් සහ අවස්ථාව ලෙස කෝටි ගානක පාඩුවක් සිදු විය.
    ඔබ මිය යා යුත්තේ පනුවන් ගැසීමෙනි !

    ReplyDelete
  10. Good work. U should be sent to jail not promoting

    ReplyDelete
  11. ඇය යැවිය යුත්තේ ඉහලට නොව
    කාලක්න්නි JVP කාරයෝ සමග එක්වී රටේ ආර්ථිකයට සිදුකල ඩොලර් මිලියන ගනනක පාඩුව වෙනුවෙන් නඩු පවරා ඇයව සිරගෙට යැවිය යුතුය.

    ReplyDelete
  12. ජෙෂ්ටත්වයට නොව දක්ෂතාවය මත පදනම්ව උසස්වීම් දිය යුතුය. එහෙම නොවුනොත් වැඩ බැරි අය වයසට යනකොට නිකන්ම උඩට එනවා.

    ReplyDelete
  13. This is the woman who said that there is only one Dawulkaranda tree in Sri Lanka. Later it was found that there are over 20 trees in the Gampaha area alone. Because of her stupid decision highway construction stopped.

    ReplyDelete
  14. ඔහොම වෙලා මදි තමුන්ට

    ReplyDelete
  15. උඹ වාගේ පිස්සු මගුලකට ඉහල තනතුරු නෙමෙ දෙන්න ඕනේ 2 X 2 පොල්ලක් අරගන තඩ් බාන්න ඔනෙ දිව්‍යලොකෙට යන්න​. අර පඬූ කරඳ ගහක් අල්ලගෙන දාපු ගොන් ශෝක නිසා දැන් කෝටි කීයක් ඒ පාර හදන කොම්පැනියට ගෙවන්න වෙලාද කියලා හොයලා බලපන් මී වැස්සියෙ.

    ReplyDelete
    Replies
    1. Meka pissu magulak meka rata kanawa me pissu elawanna one,

      Delete
  16. වන නීතිය පෙන්නලා අවුරුදු 40 කට වඩා රබර් වගා කරපු මීතිරිගල අහිංසක ගොවියෝ නඩුවකට පටලොවපු එකම ඇති ඔබ විඳවන්න. නීතිය පේන්නලා ගම්පහ දිස්ත්‍රික්කයේ අහිංසක ගැමියන්ට ඉඩම් කච්චේරි වලින් ඉඩම් දෙන්න සුදුසු ඉඩම් කීයක බලපත්‍ර දෙන එක පරක්කු කලා ද කියන එක ගම්පහ ප්‍රාදේශීය ලේකම් වරුන් සාක්ෂි දරයි.

    ReplyDelete
  17. මේ පට්ට වේසි ඇවිල්ලා සහභාගී වන රැස්වීම්වල බොරු කියන්නේ。
    මේ වලත්ත ගෑනියි රටේ සංවර්ධනය වන ව්‍යාප්තිවලට අකුල් හෙළලා රටේ අරාජික කරනවා。
    මේ ගෑනි සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මංජුල අමරත්න එකතුවෙලා NGO සංවිධාන වලින් හොඳට සල්ලි ගරනවා.
    මුන් හොඳට හම්බු කරනවා NGO වලට නඩු හදලා දීලා. මේ ගෑනි පෙන්නන්නේ පරිසර හිතකාමී කියලා. බලමු ඉතින් NPP පක්ෂය සලකන්න එපයි මෙයාට. මෙයාලා මේ කරන්නේ සම්පූර්ණ රඟපෑමක්. කෙලින්ම උසස් වීම දුන්නනම් ඉවරයිනේ.

    ReplyDelete
Previous Post Next Post