කලිනුත් සමලිංගික අගමැතිලා හිටියා.. ඒක පුද්ගලික කැමැත්ත...

 


පුද්ගලික මතවාද සහ ලිංගික නැමියාවන් රාජ්‍ය බලය යොදාගනිමින් ජාතික සමාජීය දර්ශනයන් බවට පත්කිරීමට උත්සාහ කිරීම අතිශය භයානක තත්ත්වයක් බවත්, එය "මතවාදී දූෂණයක්" බවත් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසයි.

පෙළපොත්වල අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කිසිවෙකුගේ පුද්ගලික ලිංගික නැමියාවන් විවේචනය කිරීමට හෝ අපහාස කිරීමට තමන් සූදානම් නොමැති බවයි. 

මෙරට ඉතිහාසයේ ද සමලිංගික අගමැතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරුන් සිට ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පුද්ගලික දෑ පුද්ගලිකව තබාගත යුතු බව අවධාරණය කළේය.

රාජ්‍ය බලය සහ දූෂණය රාජ්‍යයේ සම්පත් පුද්ගලික පරිහරණයට ගැනීම දූෂණය ලෙස හඳුන්වනවා සේම, රාජ්‍ය බලය පාවිච්චි කරමින් තමන්ගේ පුද්ගලික මතවාද රාජ්‍යයේ මතවාද බවට පත් කිරීමට උත්සාහ කිරීම ද දූෂණයක් බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් එවැනි මතවාදී දූෂණයන් සිදු නොකරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කිරීම අනාගත රජයන්ට ඉඩ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කිරීමට අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය. 

විශේෂයෙන්ම ආපදා කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස වර්තමානයේ රට මුහුණ දී ඇති ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කිරීම රටට අත්‍යවශ්‍ය බව චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

6 Comments

  1. Very true. This woman should not be allowed to bring in her sexual studies to our education system she's corrupting out young minds.

    ReplyDelete
  2. මම නම් කලේ සල්ලි තියෙන කනවැන්දුම් ගෑනු පාවිච්චි කල එක විතරනේ....

    ReplyDelete
    Replies
    1. It's a personal matter but trying such matters as a necessity inside the whole country is amount to abuse of power.....!

      Delete
    2. ඒක ඔබේ කැමැත්ත. අනිත් අයට පාන්ද? හැබැයි අනිත් අය පොළඹවන්න ආවොත් සොරි ඩොට් කොම් තමයි.

      Delete
    3. කිසි කෙනෙක් පොලඹවා ගන්න එක වැරදියි. ඒත් හැම වෙලේම සමාජයේ යථාර්තය කුඩා කල ඉඳල නිසි ආකාරයෙන් ඉගැන්නුවම, උන් දන්නවා සරමේ පිහිද ගන්න ඕන වෙලාව.
      ඒක නැති නිසා ඉපදිච්ච උන් නිසා මේ රටට කෙළම වෙලා ගියා නේ, මයිනෝ, කපුටෝ, ආතෝ සහ උන්ගේ කාලකන්නි පැටවුන්ගේ වලත්තකන් නිසා.

      Delete
  3. එතනෝල් ජොනිය අල්ලලා. ඇට දෙක දානවලු පරිස්සමට ලාච්චුවේ

    ReplyDelete
Previous Post Next Post