පාසල් ළමුන් 1500කට පොත් සහ පාසල් උපකරණ සභාපතිගේ පුද්ගලික ධනයෙන්..

 


දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවගේ සහ ආපදාවට පත් නොවු ජනතාවගේ පාසල් වියේ පසුවන ළමුන් 1500කට පොත් සහ පාසල් උපකරණ ලබා දීම නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් (03) දින සිදු කෙරිණ.

නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගෙ නිවසේදි එම පොත් සහ උපකරණ ලබා දීම සිදු කල අතර, මේ සදහා සියලුම ප්‍රතිපාදන සභාපතිවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරිණ.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post