හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කුඩාගම ශ්‍රී දුර්ගයි අම්මාන් කෝවිලේදී වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩිවීමට ආශිර්වාද පළ කිරීමේ විශේෂ පූජාවක් පසුගියදා පැවැත්විණි.
වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර
ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ක්‍රියාත්මක වන මෙම වැටුප් වැඩිවීම නිමිත්තෙන්
මෙම පූජාව සංවිධානය කර තිබුණේ එම කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී වේළු සුරේෂ්වර
ශර්මා කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට සහභාගී වූ වතු කම්කරුවන්
අදහස් දක්වමින් කියා සිටියේ, මීට පෙර වැටුප් වැඩිවීම් ලබාගැනීමට දැවැන්ත වැඩ වර්ජන
සහ උද්ඝෝෂණ සිදු කිරීමට සිදු වුවද, මෙවර කිසිදු බාධාවකින් තොරව මෙම සහනය හිමිවීම
පිළිබඳව තමන් සතුටු වන බවයි.
වතු ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා
මැදිහත් වෙමින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව එහිදී වතු
කම්කරුවන් ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාව පළ කරන ලදී.
- ආර්.එෆ්.එම්.සුහෙල්
