ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග කිහිපයකමිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
මෙම මිල සංශෝධනය 2026 ජනවාරි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි.
මෙම සංශෝධනයට අනුව ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක මිල පහත දමා ඇති අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නොමැත.
| ඉන්ධන වර්ගය | පැවති මිල (රු.) | සංශෝධිත මුදල (රු.) | නව මිල (රු.) |
| ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් | 294.00 | - 2.00 | 292.00 |
| ලංකා සුදු ඩීසල් | 279.00 | - 2.00 | 277.00 |
| ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් | 340.00 | වෙනසක් නැත | 340.00 |
| ලංකා සුපිරි ඩීසල් (යුරෝ 4) | 323.00 | වෙනසක් නැත | 323.00 |
| ලංකා භූමිතෙල් | 182.00 | වෙනසක් නැත | 182.00 |


Wimal's journalist , Nice heading . Now put a reply comment idiot.
ReplyDeleteOH How nice You are my boy. - Lapaya
Delete