සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ පහක දීමනාවක් ගෙවීමේ ක්‍රියාවලියෙන් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙම දීමනාව ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ පවතින බරපතල අඩුපාඩු සහ අවදානම් තත්ත්වයන් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ ගණකාධිකාරීවරුන්ගේ සංගම් දැනටමත් මෙම කටයුතුවලින් ඉවත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් එම දීමනා ගෙවීමේ සම්පූර්ණ වගකීම ග්‍රාම නිලධාරීන් මත පැටවී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන් මෙම තීරණය ගැනීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් සංගමය පෙන්වා දෙයි.
චක්‍රලේඛයට අනුව පැහැදිලි තක්සේරුවක් හෝ නිර්ණායක ලබා දී නොමැති බව රණසිංහ මහතා පවසයි. නිවසක බිත්තියක ඉරක් ගියත් හෝ වහලයේ තහඩුවකට හානි වුවත් ලක්ෂ පහක සම්පූර්ණ මුදලම ගෙවිය යුතු ද යන්න පිළිබඳව බලධාරීන් පැහැදිලි කර නැත.
රජයේ මුදල් ගෙවීමේදී ඒවා විගණනයට යටත් වන බැවින්, තාක්ෂණික නිලධාරීන්ගේ සහය සහ නිසි තක්සේරුවක් නොමැතිව ගෙවීම් සිදු කිරීමෙන් ඉදිරියේදී පැනනගින විගණන ගැටලු සඳහා වගකීම ගැනීමට ග්‍රාම නිලධාරීන්ට නොහැකි බව ඔහු අවධාරණය කරයි.
පවතින චක්‍රලේඛය අනුව අනවසර පදිංචිකරුවන්ට ද මෙම ලක්ෂ පහක වන්දිය ලබා ගැනීමට හිමිකම ලැබී ඇත. එක් පැත්තකින් ඔවුන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙලෙස වන්දි ගෙවීම හරහා ඔවුන්ගේ පදිංචිය නීත්‍යානුකූල වීමේ අවදානමක් පවතින බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
කුලී නිවාසවල පදිංචිකරුවන්ට හෝ නිවාස හිමියන්ට මෙම දීමනාව හිමිවීම සම්බන්ධයෙන් ද විධිමත් මාර්ගෝපදේශයක් නොමැති බව හෙළි වී ඇත.
තාක්ෂණික නිලධාරීන්ගේ සහයෝගය සහ විධිමත් තක්සේරුකරණයකින් තොරව මෙම වන්දි ගෙවීමේ කටයුතුවලට සම්බන්ධ වීමට ග්‍රාම නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම කටයුතුවලින් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කතාව හරි හානිපූර්ණ සිද්ධාන්තයේදී ගතයුතු නීති හා රීති කිසිවක් සැලකිල්ලට අරගෙන නෑ
ReplyDeleteතමුන්ලම පත්කරගත්ත පාණ්ඩුව නේද?
ReplyDelete