මගේ නම කියලා හොරු සල්ලි එකතු කරනවා..- චතුරංග


කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අනන්‍යතාවය අවභාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.

තමන් ලෙස පෙනී සිටින කිසියම් පුද්ගලයෙකු විවිධ දුරකථන අංක භාවිත කරමින් මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මුළා කර මුදල් ලබාගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව ඒ මහතා සඳහන් කරයි.

තම නිල සමාජ ජාල ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ මෙවැනි වංචනිකයන්ට කිසිදු අයුරකින් මුදල්, පෞද්ගලික දත්ත හෝ රහසිගත ලේඛන ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම, යම් හෙයකින් එවැනි සැකකටයුතු ඇමතුම් හෝ ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව පමාවකින් තොරව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

4 Comments

  1. හොරු නම් වෙන්න බෑ. අනිවා හිගන්නෝ

    ReplyDelete
  2. මුං ආණ්ඩු කරන විදියෙන් හිතන්න පුළුවන් එකම විදිය තමයි මුන්ම සල්ලි එකතු කරලා මුන්ම පොලිසි යනවා කියන එක.

    ReplyDelete
  3. පොතුරංග අබේපොන්න මහදැනහුත්තා අනේ පලයන් ලොරි ටෝක් ගූ පොන්නයෝ යන්න. තෝ මොන ඇට නැති රිලවෙක්ද

    ReplyDelete
  4. මු ගෙ internet හමුදාව තමයී බුදුදහමට අපේ හාමුදුරුවරු න් ට කුණුහරප කියමින් අපහාස කරන්නේ. මුන් බුදුදහමට විරුද්ධයි

    ReplyDelete
Previous Post Next Post