පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ.
2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇත.
මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක,
මුරපද, (User Name/ Password) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා, විවිධ ගිණුම් වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත.
එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්,
පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
* භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram/ WhatsApp හෝ වෙනත්) ගිණුම් තුල නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම් වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.
* නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැලකීම.
* සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.
*** ගිණුම් අංක,
මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.
* නොදන්නා
පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා
කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ
අවසරය ලබා නොදීම.
ශ්‍රී ලංකාවේ
සමාජ ජාලා හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා (Online Financial Frauds) පිළිබඳ මහජනයා
වැඩිදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.
01. වංචා සහගත
සම්බන්ධතා (Fake Account / Impersonation)
ප්‍රසිද්ධ
පුද්ගලයින්ගේ හෝ ආයතන වල නමින් නිකුත් කළ ව්‍යාජ ගිණුම් සම්බන්ධව දැනුවත් කිරීම.
02. Online Loan- - Easy Money Scams.
සමාජ මාධ්‍ය
ජාලා හරහා Online " ක්ෂණික ණය
", " නැවත ගෙවීම
අවශ්‍ය නොමැති බවට පවසා ලබා දෙනු ලබන ණය" (මෙය මුහුණු පොත හරහා හා WhatsApp
ආදිය මඟින් බහුලව සිදු
වේ.
පළමුව ''
Service fee " හෝ " Registration
Payment" ලෙස ඉල්ලීම්
කරනු ලබයි. ඉන්පසු එම මුදල් ලබා ගෙන ණය නොදී සිටියි.
එසේ නොමැති
නම් කුඩා ණය වාරිකයක් ලබා දී එයට විශාල පොලියක් ඉල්ලීම් කරනු ලබන අතර එය ගෙවීම
පැහැර හැරියහොත් නෑදෑ හිතමිතුරන් හට දුරකථන ඇමතුම් ලබා ගෙන අපහසුතාවයට පත් කරනු
ලබයි.
03. Phishing Links (2003 & Links.
Bank, Telecom, Delivery Company WhatsApp/Facebook Messenger මඟින් යවන Link
සම්බන්ධව.
⚫Password, OTP, Bank Details ලබා ගෙන ගිණුම් වල ඇති
මුදල් සොරකම් කිරීම සම්බන්ධව.
04. Online Jobs, Frauds.
Online Data Entry, Work From Home ඉහළ වැටුප් ලබා දෙන බවට රැවටීම.
Registration Fee ගෙවීමට කියා
මුදල් ලබා ගැනීම සම්බන්ධව.
05. Romance - Relationship Scams.
อFacebook, Instagram, WhatsApp, Facebook Messenger
Profile මඟින්
විශ්වාසය ගොඩනගා මුදල් සොරා ගැනීම සම්බන්ධව.
පිටරට සිට Gift
Package ලබා දෙනු ලබන
බවට පවසා මුදල් ලබා ගැනීම සම්බන්ධව.
06. Investment- Crypto/ Forex .
ඉහළ ලාභ වලට
පොරොන්දු වේ Telegram - FB Group ආදිය සම්බන්ධව.
Registration Fees, Wallet Transfer Referral Schemes ໖ ໑໖
07. Lottery Prize Scams.
ඔබට රුපියල්
මිලියන (x) දිනා ඇති බවත්
එය ලබා ගැනීමට පෙර - බදු Processing fee ගෙවන්න යැයි ප්‍රකාශ කර මුදල් ලබා ගැනීම
සම්බන්ධව.
යමෙක් WhatsApp
මඟින් "prize
officer" ලබා දෙනු ලබන
බවට ලෙස පෙනී සිටීම සම්බන්ධව.
08. Online Shopping Frauds.
⚫Facebook pages / Groups හරහා විකුණන බව කියා
මුදල් ගෙවා නිෂ්පාදනය නොලැබීම සම්බන්ධව.
හඳුනාගත
නොහැකි විකුණුම්කරුවන් සිටිනු ලබන අතර මෙය Cash only /Bank transfer only ලෙස පාරිභෝගිකයන්ගෙන්
මුදල් ලබා ගැනීමේ වංචා සම්බන්ධව.
09. Children & Elders Targeting.
වැඩිහිටියන්ට
බොහෝවිට අමුත්තන්ගේ "help request" අනුමත කිරීම හරහා වෙනත් විදේශීය රටවල්වල
ජීවත්වනු ලබන පුද්ගලයින් විසින් බහුලව මෙම අපරාධය සිදු කරනු ලබන බවට පෙනී යයි.
໑໖ Gaming
top up scams, "free skins" links මඟින් මුදල් ලබා ගැනීම සම්බන්ධව.
මේ ආකාරයට
සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ වංචාවන් සිදුවන බැවින් එහි ආරක්ෂිත පියවර වශයෙන් පහත
කරුණු දැක්විය හැකිය.
* Verified badges / official pages පරීක්ෂා කරන්න.
* දෙවනි
පාර්ශවයට bank details, NIC, login details නොදෙන්න.
* OTP, Password, PIN කිසිවෙකුට ලබා නොදෙන්න
* සැක සහිත links
ක්ලික් නොකරන්න.
**විශ්වසනීය / Verified
එකවුන්ට් පමණක් භාවිතා
කරන්න.
Bank details, NIC copy, Card Number, Photos 2 අයෙකුට ලබා නොදෙන්න.
* මුදල්
ඉල්ලීමක් ඇත්නම් අනන්‍යතාවය සනාථ කරනය කරන්න.
* සිදු වූ වංචාව
පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime
Unit වෙත වහාම පැමිණිලි
කරන්න.
මේ
සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතන මඟින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව
ඉල්ලා සිටිමි.
නීති වේදී
එෆ්. යූ. වුට්ලර්,
සහකාර පොලිස් අධිකාරි,
අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය
කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

අඩු මිලට යූටියුබ් Premium (life time) ලබාදෙන බව කියන ඇඩ් හුඟක් fb එකේ යනවා. මේවා ඇත්තමද?
ReplyDelete