Pick me, Uber හා ත්‍රී රෝද අතර ගැටුම් වලට කරන දේ පොලිස්පති කියයි..

 


Pick me ආයතනයේ ලියාපදිංචි කුලී රථ රියදුරෙකු හා ඇල්ල ප්‍රදේශයේ ත්‍රී රෝද කුලී රථ රියදුරන්  අතර 2025 දෙසැම්බර් මාසයේ දිනයක ඇති වූ මත බේදයක් මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල Pick me, Uber වැනි  ආයතන වලට අනුබද්ධ කුලී රථ රියදුරන්ට විරුද්ධව සාමාන්‍ය ත්‍රී රෝද කුලී රථකරුවන් උද්ඝෝෂණ පැවැත්විය.

එම තත්වය ගැටුම් දක්වා දුර දිග ගොස් මහජන සාමය කඩවන අවස්ථාද වාර්තා වූ බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ගැටූමේ දෙපාර්ශව නියෝජනය කරන ත්‍රී රෝද හිමියන්ගේ සංගමයේ ප්‍රධානීන් සහ Uber, Pick me ආයතනයන් වල ප්‍රධානීන් පොලිස් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛතම මෙහෙවර මහජන සාමය ආරක්ෂාකිරීම බව පැහැදිලි කළ පොලිස්පතිතුමන් මැර බලය හෝ පහරදීම්, තර්ජනය කිරීම් පැමිණිලි පොලිස් ස්ථාන වෙත වාර්තා වීමේදී ආයතනික හා සංගම් වශයෙන් පවතින ගැටළු සැලකිල්ලට නොගෙන අපරාධමය වරදකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැහැදිළි කළේය.

1 Comments

  1. සාකච්චා කරන්න දෙයක් නෑ ලොන්තයෝ. සක්කිලි ලෝක පූට්ටු මැරයෝ වල්ලෙන් එල්ලපන් ගොන් බල්ලා නොවී.

    ReplyDelete
Previous Post Next Post