පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
නාවලපිටිය
පොලිස්වරමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. රත්නායක නැමති 55
හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇත්තේ.
බිරිදගෙන්
සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වූ ඝාතනයට ලක් වූ පුද්ගලයා (14) දින රාත්‍රියේ
නිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියතුව සිටි පොලිස්
කොස්තාපල්වරයෙකු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර බහින් බස් වීමක් ඇති වී ඇති බවත්,
එය දුර දිය යෑමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් එම
පුද්ගලයාගේ හිසට පහර දි ඝාතනය කර සැකකරු නාවලපිටිය පොලිසිය වෙත දුරකථනයෙන් දැනුම්
දී භාර ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
සැකකරුගේ
සහෝදරියක් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිද බවත්, එම කාන්තාව ඝාතනයට
ලක් වූ පුද්ගලයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු විවාහ කර ගැනීමට සැකකරු උදව් කල බවට
උරණ වී කාලයක් තිස්සේ එම දෙදෙනා අතර බහින්බස් වීම් සිදු වී ඇති බවයි ඝාතනය
සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ නිළධාරින් කියා සිටියේ.
සැකකරු
(14) දින රාත්‍රි 9:00ට පමණ තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබා ගැනීමට
ඔහු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සැකකරුව දැක බහින්
බස් වී තියුණු ආයුධයකින් සැකකරුට ඇනීමට තැත් කිරිමෙදි එයින් මිදිමට පොල්ලකින් පහර
දී එම පුද්ගලයාව ඝාතනය කල බවට පොලිසිට පාපොච්චාරණය කර ඇත.
සැකකරු
පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ කදවුරක සේවය කරන පොලිස් නිළධාරියෙකු බවයි
නාවලපිටිය පොලිසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා කියා
සිටියේ.
ඝාතනය
සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
