මලගයගම් ජනතාවට රු.1750ක දෛනික වැටුපක් ලබා දුන්නා සේම පර්චස් 10ක ඉඩමක් හිමිකම් ඔප්පුවක් සමග ලබා දෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.
නියෝජ්‍ය
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඩි.කේ.ඩබ්ලිව්.සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයකට
සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි
වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කියා
සිටියේ,
“මෙහෙමනේ දැන් විපක්ෂෙට විපක්ෂේ ඉන්නවා කියලා පෙන්නන්න එපැයි. ඒනිසා ඒ
ගොල්ලන් පොඩි පොඩි දේවල්වලට කිසි පදනමක් නැතුව ඒ ගොල්ලන් රජය වගේ හිතනවා. දැන් මේ
දවස්වල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අපි ඔක්කෝම වැඩ. ජනතාව වැඩ එක්ක ඉන්නේ. එතකොට
ඒක බිමට ගිහින් බොරුවට කෑ ගහනවා. ඒකත් එක්ක මිනිස්සු 10-15ක් එකතු උනාම එයාලා
හිතනවා බලය තියනවා කියලා. ඒ නිසා මේ රටේ මිනිස්සු බුද්ධිමත්. ඒ ගොල්ලන් කියනවා
30%ක් කියලා. අපි හිතනවා කලින් ඡන්දෙට වඩා අපේ රටේ මිනිස්සු අපිත් එක්ක එකතු වෙනවා
කියලා. ඒක තමයි ඇත්ත.
ගල්
අගුරුවල කොහෙද වංචා දුෂණ වෙලා තියෙන්නේ. ඒක බොරු කතාවක්. ඒක මිනිස්සු දන්නවා.
ඩිඕලා උපවාසේ ඉන්නවා. ගුරු සේවයට බදවා ගන්නකොට පටිපාටියක් තියනවා. එහෙම තමයි ගන්න
පුළුවන්. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් එයාලා උසි ගන්වලා ඒ වැඩේ කරනවා. ඒ උනත් අපි
රජය විදිහට සාධාරණව ජනාතාවාදිව තමයි ක්‍රියාත්මක කරන්නේ කවදාවත් ජනතාවට එරෙහිව අපි
කටයුතු කරන්නේ නෑ. ජනතාව දීපු ඡන්දයට අපි වැඩ කරනවා.
එකක්
තමයි අපිට වැඩ කරා කියලා අපි කවදාවත් රජයේ උසස් විම් හරි නීතිවිරෝධීව අපි කරන්නේ
නෑ. අපි වැඩ කරන්නේ අපේ ජනතාවටයි. ඒ ඕන පක්ෂෙක වෙන්න පුළුවන්.
මං
හිතන්නේ මිනිස්සුන්ට හොරු කවුද කියලා හොයාගන්න ඒක හොදයි. වෙන වෙනම හිටියොත්
මිනිස්සුන්ට අමාරුයි හොයාගන්න, එකට ඉන්නකොට මිනිස්සුන්ට ලේසි හොරු කවුද කියලා
හොයාගන්න. ඒකට හොද වැඩක් තමයි ඒ ගොල්ලන් ඔක්කොම එකතු වෙලා මැයි දිනය පවත්වනවා නම්.
අපි
ඇත්තටම මෙ රටේ, ලංකාවේ බලය පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණ, අපේ පක්ෂේ. ඒ නිසා එදා
වගේ අදත්, හෙටත්, කම්කරුවන්ගේ බලය අපි තහවුරු කරනවා.
ඒ
ගොල්ල්න්ට බලයේ ඉන්නකොට කොමිස් ගහලා, හොරකම් කරලා ඉදපු කට්ටිය දැන් විපක්ෂේ
ඉන්නකොට දැන් විරයෝ වගේ කෑ ගහනවා. මං හිතන්නේ කෑ ගගහා නැගිටිනකොට මිනිස්සු හිනා
වෙනවා. ජෝකර්ලා විදිහට බලනවා. ඒ ගොල්ලන් හිතනවා ‘අම්මාහ්! අපි කියන එක මිනිස්සු හරියට බලනවා,
මිනිස්සුන්ගේ ප්‍රසාදය තියනවා කියලා’ ඇත්තටම මිනිස්සු ඒ
ගොල්ලන්ව බලන්නේ අප්‍රිය විදිහට ටිවි එක බලනකොට.
ඇත්තටම
මේ හෝල් එක (ඩි.කේ.ඩබ්ලිව්.සංස්කෘතික ශාලාව) තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක
මහත්මයා බලයට එන්න කලින් අපි 2023 මලයගම් ජනතාවට වැඩ පිලිවෙළක් ඉදිරිපත් කරා. ඒක
තමයි හැටන් ප්‍රකාශය එළි දැක්වූයේ මේ හෝල් එකේ(ඩි.කේ.ඩබ්ලිව්.සංස්කෘතික ශාලාව)
තමයි. ඒකේ කියලා තිබ්බා වතු කම්කරුවන්ට පඩි වැඩි කරනවා කියලා. අන්න එළඹෙන 10
වැනිදා වතුකම්කරුවන්ට රු.1750ක් ලබා දෙනවා. ඒ වගේම අපි කිව්වා ඉඩම් අයිතිය. ගිය
අවුරුද්දේ ගිවිසුම අනුව මේ අවුරුද්දේ ගෙවල් 2000ක් හදනවා. ඉඩම් ඔප්පුත් එක්ක තමයි
ඒ ගේ දෙන්නේ. අමතරව ආපදාවට ලක් වෙච්ච ජනතාවට ගෙවල් හදලා දෙනවා. ඒකටත් ඔප්පුත්
එක්කම දෙනවා. ඉතුරු ටික අපි බලයේ ඉන්න කාලය තුල මලයග ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා
කියලා කියනවා. අඩු ගානේ පර්චස් 10ක් ලබා දෙනවා.
අපි
ආපදාවට ලක් වෙච්ච ජනතාවට ඉස්සල්ලම දෙනවා.
ඒ ගොල්ලන්ටනේ ඉස්සල්ලම සලකන්න ඕනි. ඒක බලලා ඉතුරු ටික බලලා අපි තීන්දුවක් ගන්නවා.
කොපමණ ප්‍රමාණයක්ද දෙන්නේ? කොතනින්ද දෙන්නේ? කොහොමද දෙන්නේ? කියලා අපි පස්සේ
සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. කොහොමත් මලයග ජනතාවට ඉඩම් අයිතිය අපි අනිවාරෙන් ලබා
දෙනවා.
අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරනවා. අපි අඩියක් පිටිපස්සට ගන්නේ අඩි දෙකක්
ඉස්සරහට තියන්න. ජනතාවට දැනුවත් කරලා ඊළග අවුරුද්දේ අපි ඒක අනිවාරෙන් ක්‍රියාත්මක
කරනවා.
විපක්ෂයට
ඇත්තවට දේශපාලන විඥාණය නෑ. ජනාධිපතිතුම වතු කම්කරුවන්ට රු.1750ක් පඩි වැඩි කරනවා
කියනකොටම, රජයේ භාණ්ඩාගාරයෙන් මිලියන 5000ක් දෙනවා කියනකොටම ඉස්සල්ලම සජබ තමයි ඒකට
පැමිණිලි කරන්න ගියේ. එතකොට වතුකරයේ හැමතැනම ඒකට උද්ගෝෂනය කරද්දි එයාලා බය වුණා.
තියන ඡනද් නැති වුණා කියලා ඉක්මනටම බල්ටි ගහලා කිව්වා ‘අපිට ඒකට විරුද්ධත්වයක් නෑ. අපි ඒකට
සහයෝගය දක්වනවා’ කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
සම්බන්ධයෙන් බොරු ප්‍රචාර, මඩ ගැහුවේ ඒ කට්ටිය. දැන් හැමතැනම දෙමව්පියො, ළමයි
උද්ගෝෂනය කරනකොට ඒක ඕනි කියලා, දැන් බැලුවා මෙහෙම ගියොත් අපි අතුගාලාම යනවා ඒ නිසා
දැන් අනිත් පැත්තට සජිත් මහත්මයා ඇවිත් කියනවා මේක අනිවාර්යයයෙන්ම ක්‍රියාත්මක
කරන්න ඕනි කියලා. ඒ කට්ටිය හැමදාන නින්දෙන් ඉන්නේ. මොනවද කරන්නේ, කියන්නේ කියලා
තේරෙන්නේ නෑ. ඇත්තටම පව් සජිත් මහත්තයා. අපි දුක් වෙනවා සජිත් මහත්තයා සම්බන්ධයෙන්”
යනුවෙන් පැවසීය.
මෙම
මාධ්‍ය සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම.ක්‍රිෂ්ණන් කලෙයි
චෙල්වි මෙනවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ

දෙනවනම් ඇමති තුමාගේ බුදලයෙන් දුන්නාට අපේ ප්‍රශනයක් නැහැ.
ReplyDeleteනමුත් මහජන දේපල එක එක පුද්ගලයින්ට බෙදන්න සුදානම් වෙන්න එපා
Mahajana Depala kiyanneth Malayagam Ayage idam...Kata dunnath e minissunta inna thanak one...Hamadama UNP/SJB kala wage rawattanna ba buruwo...
Deleteපර්චස් දහය බැගින් හැම එකාටම බෙදන්න කොහේ තියන ඉඩම්ද?
Deleteවතු වල වැඩ කරන යට නවාතැන් දෙන තට්ටු නිවාස ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන. ඔව්න්ට විශ්‍රාම ගිය පසු ඒවායේ ජිවත් වෙන්න දුන්නට කමක් නෑ