පටුමානසිකත්වය වෛරය ඔය මහන්තත්තකම පැත්තක තියලා මේ වෘත්තිය සමිති වලට වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න.ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා.පාතාලය හිස ඔසවලා තියෙන්නේ.මිනිසුන්ව මරනවා ඉතිං ඒක නවත්තන්න වළක්වන්න යම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:
ආනයනය සම්බන්ධයෙන් බදු ගැන කතා කරනකොට, තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට ආවේ ගොවියා ශක්තිමත් කරලා මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලායි. ඉතින් අද ගොවියා සහ ධීවරයා ශක්තිමත් කරන එක කෙසේ වෙතත්, පිටරටින් කෑම බීම ගෙනල්ලා ව්‍යාපාරිකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් නම් ක්‍රියාත්මක වෙනවා. පිටරටින් ගේන ආහාර, එළවළු සහ පලතුරුවල බදු අඩු කරමින් ලංකාවේ ගොවියාට යන එන මං නැති කිරීමක් සිදු කරන බවක් පේනවා.
හැබැයි ඔබතුමාලා බලයට ආවේ දේශීය ගොවියා ආරක්ෂා කරනවා කියලායි. ගොවි සංවිධාන හදලා, ගොවියන්ට කතා කරලා, දැන් වී මිලදී ගන්න බිලියන දහයක් වෙන් කරා කියලා ආණ්ඩුව කිව්වා. හැබැයි අද වෙනකොටත් ගොවියන්ට සාධාරණ මිලකට වී ටික අලෙවි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන ගොවි සංවිධාන කතා කරනවා ඔවුන් ඒ පිළිබඳව ආණ්ඩුවෙන් අහනවා, විපක්ෂයට කියනවා. හැැබැයි ඔබ මොකක්ද කරන්න උත්සාහ කරන්නේ? සුපුරුදු මර්දනය ගෙනල්ලා, ගොවියා පාගලා දාලා හරි කමක් නැහැ තමන්ගේ ව්‍යාපාරිකයෝ ලවා හාල් පිටරටින් ගේන තැනට ඔබ පරිවර්තනය වෙලා තියෙනවා.
එක පෑන් පාරෙන් මාෆියාව නැති කරන්න තමයි බලයට ආවේ. හැබැයි අවසානයේ මාෆියාව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මට වඩා හොඳට ඔබතුමාලා ඒ අයව ආශ්‍රය කරනවානේ. අද බයිසිකලයක්වත් ගන්න බැරි ගොවියෙක් අන්තිමට මහපාරටම ඇදලා වැටෙන තැනට ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා. පොහොර ටික වෙලාවට දුන්නේ නැහැ. පොහොර සහනාධාරය දෙන්න පොරොන්දු වුණාට මිලදී ගන්නේ නැහැ. සුළි සුළඟින් හා කුණාටුවෙන් වගා හානි වුණා, භූමිය හානි වුණා ඒවට වන්දි ගෙවන්නේ නැහැ. ඔබතුමන්ලාගේ පක්ෂයේ අය ගිහින් ඉඩම් බලලා ගෙවල් දෙනවා කිව්වත් තවමත් මේ ජනතාව ඉන්නේ කොතැනද, යන්නේ කොතැනටද කියලා අවබෝධයක් නැහැ. තහඩුවකට ලක්ෂ දහයක් දෙනවා කිව්වා ඉඩමට පනහයි, ගෙදරට පනහයි ලක්ෂ සීයයි. ලක්ෂ සීය බලාපොරොත්තුවෙන් ජනතාව තමන්ගේ ජීවිත බේරාගෙන ගියේ ජනාධිපතිවරයා විශ්වාස කරලායි.
හැබැයි ඊට සතියකට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ, "බොරු කියන්න ඕන නම් පාර්ලිමේන්තුවේ කියන්න, ඇත්ත කියන්න ඕන නම් එළියේ කියන්න ඕන" කියලායි. ඒ දෙකම වුණා බොරුවකුත් කිව්වා, පාර්ලිමේන්තුවේදීත් කිව්වා. අඩු ගානේ ඔබ තමුන්නාන්සේලාට ඔය පිටරටින් ගේන ව්‍යාපාරිකයන්ගෙන් යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා නම් බදු අඩු කළාට කමක් නැහැ. නමුත් සාමාන්‍ය මනුස්සයන්ට බදු වැඩි කරනවා, පිටරටින් ගේනකොට බදු අඩු කරනවා. ඒක ඔබේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ ගොවියා සහ ධීවරයා ආරක්ෂා කරන්න කියලායි. ඔවුන්ව ආරක්ෂා නොකර, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්නේ නැතුව ඔබ තමුන්නාන්සේලාට හෝ රටට ඉදිරි ගමනක් නැහැ.
ඒ වගේම බිලියන දහයක් වෙන් කරලා, ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා කියලා ඕනෑම වෙලාවක වන්දි ගෙවන්න පුළුවන් කිව්වා. ට්‍රිලියනයක් තියෙනවා කියලා වන්දි ගෙවන්න දීපු චෙක් ටිකත් රිටන් වෙලා තියෙනවා. ඉතින් ඔය ට්‍රිලියන දහය ගිණුමේ තියාගෙන ඉන්නේ නැතුව, ඒවා ගිණුමේ තියෙනවාද නැත්නම් වෙන කාගේ හරි ගිණුමකට බැර වෙලාද කියලා අපි දන්නේ නැහැ. අපි ඔබෙන් ඉල්ලන්නේ ගොවියන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලායි. පහුගිය දවස්වල මාදැල් ධීවරයෝ සහ උපාධිධාරීන් ජනාධිපතිතුමා හම්බුණාම එතුමාට හොඳ කියාගෙන ගියා. දැන් අපි බලන් ඉන්නේ මැතිවරණ කාලේ ඔබට වැඩ කරපු, ඔබට ඡන්දය දීපු ඒ මිනිස්සුන්ට දීපු පොරොන්දු ඔබ ඉටු කරනවාද කියලායි. ඒ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්න ඔබට වගකීමක් තියෙනවා.
දැන් ඊශ්‍රායලය රැකියාවට යන නිෂ්පාදන ක්ෂේත්‍රයේ අය ගැන බලමු. ආණ්ඩුවේ කෝටා එක පෞද්ගලික අංශයට දෙනවා. පුද්ගලයන් 750කට ඊශ්‍රායලයට යන්න ලෑස්ති වෙන්න කිව්වා. නමුත් අද වෙනකොට ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා හම්බවෙන්න වෙලාවක් ගන්න බැරි වෙලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගියාම බැනලා එලවා ගන්න තත්ත්වයට පත්වෙලා. මේ එක කණ්ඩායමක් පමණයි; තවත් පිරිසක් යවන්න ලෑස්ති කරනවා. පුහුණුව අවසන් කරලා යන්න බලාගෙන ඉන්න අයට අවුරුද්දක්, මාස දහයක් ගත වෙලත් යාගන්න බැරි වෙලා. ඔබ කරන්නේ තවත් කට්ටියක් පිටිපස්සෙන් එකතු කරගෙන ඔවුන්ව රවට්ටන එකයි. හැබැයි විශාල මුදලකට පෞද්ගලික අංශයෙන් මිනිස්සු යවනවා. ආණ්ඩුවේ කෝටා එකෙන් යන්න බැහැ, හැබැයි සල්ලි තියෙන කෙනාට යන්න පුළුවන්. මේක හරි අසාධාරණයි. ගරු සභාපතිතුමියනි, මේක වෙන්න දෙන්න එපා. මේ 750 දෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ අය රස්සාවලිනුත් අයින් වෙලා ඉන්නේ.
ඊළඟට ජාතික ආරක්ෂාව සහ ක්‍රිකට් ගැන කතා කරනවා නම්, අපේ රටේ යුද්ධය පවතින කාලයේදී පවා ජාත්‍යන්තර තරගාවලි ආරක්ෂිතව පැවැත්වූවා. අපේ කණ්ඩායමට පාකිස්ථානයේදී වෙඩි තිබ්බත් අපි දිගින් දිගටම එහේ ගියා. අනුර කුමාර ජනාධිපතිතුමාගේ කාලසීමාවේදී පවා පාකිස්ථානයේ බෝම්බයක් පිපිරුණත් අපේ කණ්ඩායම ආපසු ගෙන්නුවේ නැහැ. ආණ්ඩුව සහ ක්‍රිකට් බෝඩ් එක මැදිහත් වෙලා සබඳතා ආරක්ෂා කරගත්තා. ඒක හොඳයි. හැබැයි ජාතික ආරක්ෂාව තහවුරුයි කියන ඔබතුමන්ලාගේ පක්ෂ කාර්යාලය පෙනෙන මානයේ, අකුරෙගොඩ හමුදා මූලස්ථානය ගාවදී නීතිඥවරයෙක් සහ බිරිඳක් ඝාතනය වෙනකොට දෙන උත්තරය මොකක්ද? විෂය භාර ඇමතිවරයා කියන්නේ මේක පාතාල කල්ලි අතර ප්‍රශ්නයක් කියලයි. ඒ නීතිඥවරයා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටියා කියලා ඔවුන් සාධාරණීකරණය කරන්න හදනවා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාත් නීතිඥවරයෙක්. එතුමාගේ සේවාදායකයෝ දිහා බැලුවමත් ඕවා කියන්න පුළුවන්. හැබැයි වෘත්තීය ගෞරවය නිසා මම එහෙම කියන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලා කරන්නේ ඝාතනය සාධාරණීකරණය කරලා ඒක පාතාලයේ ගිණුමට දාන එකයි. ඒ කියන්නේ සමහර පාතාල කල්ලි පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියන එකයි.
අග්‍රාමාත්‍යවරිය මන්නාරමට ගිහින් කිව්වා යුද්ධය ඉවර කළේ එතුමියගෙන් අහලා නෙවෙයි කියලා. එතකොට 88/89 සිද්ධි වුණෙත් අහලද? යුද්ධය ඉවරයි, හැබැයි තවදුරටත් ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ හදවත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබතුමන්ලාට රණවිරුවාට ගෞරවයක් දෙන්න බැහැ. නිදහස් දිනයට ඔවුන් ගැන කතා කරන්න බැහැ. හැබැයි ආණ්ඩුවේ ආයතනයක වර්ජනයක් තිබුණොත් කෝච්චි දුවවන්න රණවිරුවා ඕනෑ. යුද්ධය ගැන කතා කරන එක තහනම් කරලා තියෙන්නේ. ලැජ්ජයි ඔබට. මොනවා හරි ප්‍රශ්නයක් වුණාම දුවගෙන යන්නේ ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි ගාවටයි. හැබැයි ඒ අයට ගෞරවයක් දෙන්න ඔබලට බැහැ. ඔබ උත්සාහ කරන්නේ මර්දනයෙන් ආණ්ඩුව ගෙනියන්නයි.
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුන්ට තර්ජනය කරනවා. අරගලය වෙලාවෙත් මිනිස්සු උසිගන්වලා පාරට බස්සලා, අන්තිමට මිනිස්සු 12 දෙනෙක් එල්ලුම් ගස් ගියා. මෙහෙයවපු කට්ටිය රජ වුණා. ඒ නිසා පටු මානසිකත්වයකින් තොරව රටේ ආර්ථිකය හා සමාජය ගොඩනගන්න පැහැදිලි දැක්මක් ඇතිව වැඩ කරන්න. ඔබලා කිව්වේ "වල් පැල අයින් කරලා මල් පැල ගෙනාවා" කියලයි. හැබැයි තමන්ගේ අමාත්‍යාංශයේ පාස්පෝට් 17ක් හොරට හදපු ලේකම්වරයා කවුද කියලා අද වෙනකම් හොයාගත්තද? කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා. කුඩු කන්ටේනර් දෙකක් එළියට දාන්න අවසර දුන්නේ කවුද? ජනාධිපතිතුමාද, පොලිසිය භාර ඇමතිවරයාද, නැත්නම් පොලිස්පතිවරයාද? ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරක් තියෙද්දී ලිඛිත අවසරයකින් තොරව එහෙම දෙයක් කරන්න බැහැ.
අවසාන වශයෙන් ඉල්ලන්නේ, ඔය වෛරය සහ මහන්තත්තකම පැත්තක තියලා වෘත්තීය සමිතිවලට සහ වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න. පාතාලය හිස ඔසවා ඇති නිසා පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීමට සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.

Well said NAMAL❤️❤️❤️❤️Unfortunately there are a few idiots who cannot see the truth. Blind forever
ReplyDeletemaru ekaa kiynne
ReplyDeleteඅපිව ගූ ගහල එලෙව්වා. අනේ ඈඈඈඈඈඈ
ReplyDeleteubala jathiya anathure,bududahama iwarai kiyala jathiwadaya awussala raja una wage ne???ayemath enne ekata thamai moda ganayo set karagena
ReplyDelete