රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජාතික
අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති
ගැටලු සම්බන්ධයෙනි.
ජාතික
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ස්ථාන මාරු නොගොස් වසර ගණනක් එම රෝහලේම රැඳි
සිටීන බව රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රකාශ
නිකුත් කරමින් ජනතාව නොමඟ හරින බව පැහැදිලව පෙනෙන්ට තිබේ.
2026.02.02
වැනි දින ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරු ලබා ඇති වෛද්‍යවරුන් සියලු දෙනා සෞඛ්‍ය සේවා
අධ්යක්ෂ II වෙත ලිපියක් ඉදිරිපත් කරමින්, තමා වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින්
නිර්දේශ කර ඇති ස්ථානමාරු සෞඛ්‍ය ලේකම්ගේ නියෝගය පරිදි අද දින සිට ක්‍රියාත්මක කරන
ලෙස ඉල්ලා සිටියේය.
තවදුරටත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්යක්ෂවරයාගේ වැරදි මාධ්‍ය ප්‍රකාශ හරහා තම වෘත්තීයටත්,
රෝහලටත් සිදු වෙන අපකීර්තිය සහ වෛද්‍යවරුන්ට වන අපහසුතාවය ද සැලකිල්ලට ගෙන අද
දිනෙන් පසු අදාල රෝහල් වලට ස්ථානමාරු මුදාහරින ලෙස අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 කට
ආසන්න ප්‍රමාණයක් රෝහල් වැඩ බලන අධ්යක්ෂවරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇත.
සෞඛ්‍ය
ලේකම්තුමාගේ නියෝගය අනුව අද දින වන විට එනම් 2026.02.02 දින සිට සතියක කාලයක්
ඇතුලත සියලු ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමට තිරණය කර ඇති එහෙයින්, එම තීරණය
කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් අදාල වෛද්‍යවරුන් සියලුම දෙනා රෝහලෙන් මුදාහරින
ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.
මීට
අමතරව පසුගිය දින කිහිපයේදි අසත්‍ය චෝදනා නඟමින් අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්
අපහසුතාවයට පත් කරමින් දිගින් දිගටම රටේ ජනතාව වෛද්‍යවරුන්ට එරෙහිව පෙළගැස්වීමට
කටයුතු කල අධ්යක්ෂවරයා මේ සම්බන්ධව වගකිම ගන්නා ලෙස ද ඉල්ලා සිටියි. එතුමා සඳහන්
කරන පරිදි අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් රෝහලේ දිගු කලක් සේවය කිරීම හරහා ජනතාවට
අනර්ථයක් සිදු වන බැවින් එම ක්‍රියාවලිය තවදුරටත් සිදු කරගෙන යාමේ කිසිඳු අපහසුතාවයක්
නොවනු ඇතැයි අප විශ්වාස කරමු.
එබැවින්
අද දින (2026.02.02) ජාතික අක්ෂි රෝහලේ ස්ථානමරු ලබා සිටින සියලුම අක්ෂි වෛද්‍යවරුන්
මුදාහරින ලෙසත්, ඒ සඳහා අනුප්‍රාප්තික වෛද්‍යවරුන් ගෙන්වා ගැනීම කරන ලෙසත් සෞඛ්‍ය
අමාත්‍යංශයට ද, ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයාට ද දැනුම් දීමට ජාතික
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. එම කටයුත්ත ක්‍රියාත්මක කිරීම හරහා
වැඩබලන අධ්යක්ෂවරයා බලාපොරොත්තු වන අක්ෂි රෝහලේ වැඩකටයුතු කාර්යක්ෂමව සිදුවනු ඇති
බව ද අප බලා සිටිමු.
අක්ෂි
වෛද්‍යවරුන් ස්ථානමාරු කිරීමෙන් කිසිඳු අවාසියක් අක්ෂි රෝහලට හෝ අමාත්‍යංශයට සිදු
නොවන අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව අක්ෂි වෛද්‍යවරුන් නැතුව රෝහල ඉදිරියට
ගෙනයාමේ අපහසුතාවයක් නැතැයි ද අප විශ්වාස කරමු.

විශේෂාංග වෛද්‍යවරු සහ PGIM trainees ලා සහ වයස 57 ට වැඩි වෛද්‍යවරු හැර සෙසු සියලුම noted for transfer වෛද්‍යවරු මුදාහැරීමට අපහසුවක් නැත.
ReplyDeleteවිශේෂාඥ වෛද්‍යවරු සහ PGIM t.........
Delete