රෝස මල්වල සහ අනෙකුත් මල්වල මිල ඉහළ යැම හමුවේ ආදරවන්තයන්ගේ දිනය යෙදි ඇති (14) දින රෝස මල් ඇතුලු අනෙකුත් මල්වල අලෙවිය පහළ වැටි ඇති බව නුවරඑලිය නගරයේ මල් අලෙවිකරුවන් කියා සිටියි.
දිට්වා සුලි කුණාටුවෙන් සහ පසුගිය දිනවල නුවරඑලිය ප්‍රදේශයට පතිත වූ මල් තුහිණ හේතුවෙන් මල් ඵලදාව අඩු වීම සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා මල් පාර්සල් ප්‍රවාහනය කිරිමට ඇති අපහසුතාවය හේතුවෙන් මල් අලෙවිය පහත වැටී ඇති බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
රතු රෝස මලක් රු.750කටත්, කහ රෝස මලක් රු.650කත් අලෙවි කිරිම සදහා නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයකම මල් ප්‍රදර්ශනය කර තිබුණද, රෝස මල් ලෙවි නොවු බවයි වෙළදුන් කියා සිටියේ.
තවද පිටරටින් මල් ආනයනය කිරිම නිසා නුවරඑලියේ මල් වලට පවතින ඉල්ලුමද අඩු බවයි එම වෙළදුන් වැඩි දුරටත් කියා සිටියේ.
තවද නුවරඑලිය ප්‍රදේශයට (14) දින උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් මල් අලෙවියට බාධාවක් බවයි එම වෙළදුන් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

රෝස මලක් රුපියල් 750. පිස්සු නැත්නම් හොදයි. පීසා එකක් කාල ගෙදර යනවා.
ReplyDelete