විදුලි ගාස්තු 13.56%කින් වැඩි කරන්න CEB යෝජනා කරයි...


 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. 


පෙබරවාරි 13 වන දින ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා වන කාලසීමාව තුළ 13.56% ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

මෙම ඉල්ලීමට මූලික වී ඇත්තේ අදාළ මාස තුනක කාලය තුළ විදුලිබල මණ්ඩලය මුහුණ දීමට සිදුවනු ඇතැයි ගණන් බලා ඇති රුපියල් බිලියන 15.8 ක ආදායම් හිඟයයි.

ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 136.5ක් වන අතර පවතින ගාස්තු යටතේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 116.9කි. ඒ් අනුව මුළු මූල්‍ය පරතරය රුපියල් බිලියන 15.8කි.

අප්‍රේල් 01 දින සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමට අවසර ඉල්ලා ඇති අතර, පවතින ආදායම් පරතරය පියවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.

2 Comments

  1. භාණ්ඩාගාරේ පිරිලා ඉතිරිළලු, කරපු සංවර්ධනයකුත් නෑ, ලැබුණ සහනෙකුත් නෑ, කිසි දෙයක ගණන් අඩු වෙලත් නෑ. තිබුණ තැනිනුත් පල්ලෙහට වැටිලා කයිවාරුව විතරක් වැඩි වෙලා.

    ReplyDelete
  2. මේක නම් කරුමයක් වෙලා තියෙන්නේ රටට. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් මිල වැඩි කරන එක සාධාරණයි. මුන්ගේ අදෝනාව අහල තිත්ත වෙලා තියෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post