ලේක් අවුස් හා සෞඛ්‍ය ලොක්කන් තිදෙනකුගෙන් කෝටි හතලිහක් ඉල්ලා නඩු යයි...


පසුගිය ජනවාරි මස 23 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තමන් සහ සමගි  ජන බලවේග කෘතෘයාධීකාරී මණ්ඩලය මෙහෙයවමින් ආණ්ඩුව වැට්ටවීම සඳහා වන කුමන්ත්‍රණයක් සිදුකරන බවට තමාගේ සහ පක්ෂ නායකයින්ගේ ඡායාරූප භාවිතා කරමින් අසත්‍යය ප්‍රවෘත්ති නිර්මාණය කොට සමාජ මාධ්‍ය හරහා විකාශය කිරීමට කටයුතු කළ ලේක් කවුස් පුවත්පත් ආයතනය , සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරු තිදෙනකුගේ රුපියල් මිලියන 400ක පමණ වන්දි මුදලක් ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ස්වකීය නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසී යොමු කොට ඇත. 

අදාළ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය සිදුවූ දින ලෙක් හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන දිණමිණ සමාජමාධිය වෙබ් අඩවි මඟින් ද තවත් youtube සමාජ අවකාශයක් මගින්ද, අසත්‍ය හා සාවද්‍ය ප්‍රවෘත්තියක් විකාශය කර තිබූ බවත්, මෙම ප්‍රවෘත්තිය නිර්මාණය කොට ප්‍රචාරය කිරීමට දායක වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන , සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික සහකාර ප්‍රගීත් අතාවුද, බලපිටිය රෝහලේ වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන, සහ ඇලයාපත්තුව දිසාරෝහලේ වෛද්‍ය අංජුල හේරත් යන මහත්වරුන්ට එරෙහිව මෙම එන්තර වාසි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා යොමු කිරීමට කටයුතු කොට ඇත. 

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කොට මුදාහැරීම සම්බන්ධයෙන්ද, වෛද්‍යවරුන් හා වෘත්තියවේදී මගෙන් පරිහරණය කරන සමාජ මාධ්‍ය අවකාශය ඔස්සේ අසත්‍ය හා සාවද්‍ය කරුණු ජනගත වන අන්දමට නැවත නැවත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්ද ඒ හේතුවෙන් සමාජය තුළ අතිශයින්ම වැරදි මතයක් ජනගත කිරීමට චේතනාන්තව කටයුතු කිරීම සිවිල් අපරාධමය වරදක් වන බැවින් ඒ හරහා සිදුවූ අපකීර්තිය වෙනුවෙන් ලේකවුස් ආයතනය සහ අදාළ වෛද්‍යවරුන්ගෙන් එන්තර වාසි ලිපිය ලැබී දින 14ක් ඇතුළත අදාළ රුපියල් මිලියන 400ක මුදල ගෙවන ලෙසට දන්වා ඇත. 

එසේ නොවන්නේ නම් අධිකරණය ක්‍රියාමාර්ග ආරම්භ කරන හරහා අදාළ මුදල් අය කරගැනීමට කටයුතු කරන බවද ප්‍රකාශ කොට ඇති අතර, මෙයට සමගාමීව මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නැවත නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය කරවීමට සැලැස්වූ අනෙකුත් පුද්ගල කණ්ඩායම් කෙරෙහිද අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ.

Previous Post Next Post