පරණ වෙළඳපොළ යළි පණගන්වයි.. පේමන්ට් වෙලදාම බෑ..

 


වසර ගණනාවක් තිස්සේ ගරා වැටී පාළුවට ගොස් තිබූ හැටන් නගරයේ පැරණි වෙළඳ සංකීර්ණය (රණ මාකට්) වහාම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන ඇත.

මේ යටතේ වෙළඳපොළ නවීකරණය කිරීමේ මූලික කටයුතු (29) හැටන් දික්ඔය නගරාධිපති අශෝක කරුණාරත්න මහතාගේ සහ නගර සභා නිලධාරී මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

​පැරණි වෙළඳ සංකීර්ණය තුළ වෙළඳසැල් හිමි ඇතැම් ව්‍යාපාරිකයන් එම ස්ථාන ගබඩා කාමර ලෙස කුලියට ලබා දී පදික වේදිකාවල වෙළඳාම් කිරීම නගරයේ පදිකයන්ට විශාල බාධාවක් වී ඇති බව මෙහිදී නිරීක්ෂණය විය.

පදික වේදිකාව අවහිර වන සේ වෙළඳාම් කරන පිරිස් ඉවත් කිරීමටත්, නගරයේ තදබදය අවම කිරීමටත් නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙහිදී කටයුතු කළහ.

​එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නගරාධිපති අශෝක කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, දැනට අබලන්ව පවතින පරණ මාකට් එකේ සියලු කඩ කාමර කඩිනමින් නවීකරණය කරන බවයි. එම කටයුතු අවසන් වූ පසු මත්ස්‍ය සහ මාංශ වෙළඳාම සඳහා එම ස්ථානය වෙන් කර දෙන බවත්, ඉන් අනතුරුව පදික වේදිකාවල වෙළඳාම් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

ආර්.එෆ්.එම්.සුහෙල් 

1 Comments

Previous Post Next Post