කදුකරයේ රක්ෂිතවලට ගිනි තැබීම් ඉහළට..

 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍ර දේශවල මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග වන වගා රක්ෂිතවලට සහ ලදු කැලෑවලට ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව පරිසරවේදින් කියා සිටියි.

මෙසේ රක්ෂිතවලට ගිනි තැබිම් නිසා පරිසර විනාශය, ජල මූලාශ්‍ර සිදි යැම සහ එම රක්ෂිතවල වෙසෙන් සතුන්ට ඇති වන බලපෑම ඉහළ ගොස් ඇති බවයි එම පරිසරවේදින් කියා සිටින්නේ.

(25) දින පස්වරුවේ ලිදුල, තලවකැලේ, හැටන් යන පොලිස් වසම්වල අයත් රක්ෂිත ගණනාවක කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම් හේතුවෙන් එම රක්ෂිතවල විශාල කොටසක් (26) අලුයම වන තෙක් ගිනිගෙන විනාශ වී ඇත.

ලිදුල ලැමරියන් වතු රක්ෂිතය, තලවකැලේ සෙන්ක්ලේයාර් රක්ෂිතය සහ හැටන් වටවල දුම්රිය මාර්ගයේ පිහිටි ස්වාභාවික ඉලුක් රක්ෂිතවලට මෙසේ ගිනි තබා තිබුණි.

මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමග මෙවැනි රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කරන පුද්ගලයින් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post