සුළි කුණාටුව නිසා පලාත් සභා ඡන්දය කල් යනවා..- ඇමති

 


පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, කාරක සභාව යළි රැස්වූ වහාම එහි තීරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කරන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නැත.

එසේම, පළාත් සභා මැතිවරණ කිහිපයකට බෙදා අදියර වශයෙන් පැවැත්වීමට රජය කිසිදු සූදානමක් නොමැති බවත්, සියලු කටයුතු තේරීම් කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පවත්නා නීතිමය රාමුව යටතේ මැතිවරණය පැවැත්වීමට නම් සීමා නිර්ණ වාර්තාව අනුමත වීම අනිවාර්ය බව 'පැෆ්රල්' සංවිධානය පෙන්වා දෙයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ, 50%ක් කොට්ඨාස මට්ටමෙන් සහ 50%ක් අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් තෝරාගන්නා නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නම් සීමා නිර්ණය අවසන් විය යුතු බවයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් මැතිවරණය ජුනි හෝ ජූලි මාසය දක්වා කල් යෑමේ ඉඩකඩක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

දිවයිනේ සියලුම පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන් වී වසර කිහිපයක් ගතවී ඇත.


1 Comments

  1. පරක්කු වෙන්න වෙන්න විපක්ෂෙට වාසියි.
    අගෝස්තු සැප්තැම්බර් වෙන කං අද්ද ගත්තොත් මාලුමාව පරාදයි.

    ReplyDelete
Previous Post Next Post