එදා රනිල් ගත්ත තීරණ නිසා යම් ආර්ථික ශක්තියක් රටට ලැබිලා.. නමුත් දැන් රටේ ප්‍රාග්ධන වියදම් ඇණහිටලා...


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මෙරට අනාගත ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව තීරණාත්මක සාකච්ඡා රැසක් පැවැත්වෙනු ඇති බවත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් අද වන විට රටට යම් ආර්ථික ශක්තියක් ලැබී තිබෙනවා. නමුත් 2028 වසරේ සිට අප ණය ගෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැන් සිටම අවධානය යොමු කළ යුතුයි. වර්තමානයේ රටේ ප්‍රාග්ධන වියදම් ඇණහිට තිබෙනවා. විදේශ සංචිත නොමැතිව ණය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 2025 වසරේදී සංචිත එක්වරම ඉහළ ගියත්, ඒ පිළිබඳ සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුයි."

ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරුණානායක මහතා, විශාල වශයෙන් ණයවර ලිපි (LC) විවෘත කරමින් වාහන ආනයනය කිරීම මේ මොහොතේ සුදුසුද යන්න ප්‍රශ්න කළේය. 

එමගින් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් රජය ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතු බවත්, කෘෂිකර්මාන්තය නගාසිටුවීම හරහා ආනයන වියදම් පාලනය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

"රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන්ම සිතුවේ දේශපාලන වාසි ගැන නොව රටේ අනාගතය ගැනයි. රුපියල ආරක්ෂා කරගැනීමට එතුමා උපරිමයෙන් කැපවුණා. තමන්ගේ දේශපාලන ගමනට වඩා රටේ ආර්ථිකය ගැන සිතූ නිසයි එතුමා අද දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටින්නේ. එය මා පවසන දෙයක් නොව, එතුමා විසින්ම ප්‍රකාශ කරන ලද සත්‍යයක්."

විපක්ෂයේ දේශපාලන භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් කරුණානායක මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) වහාම එකට එකතු විය යුතු බවයි.

"පක්ෂය තුළ සිටින සුළු පිරිසකගේ කුමන්ත්‍රණවලට හසු නොවී, රට ගැන සිතා සියලු දෙනා එක්විය යුතුයි. පසුගිය කාලයේ එජාපයට ජනතාව ඡන්දය ලබානොදුන්නේ ඇතැමුන් කළ විහිළු සහගත ක්‍රියා නිසයි. මේ බෙදීමට සහ එකතුවීමට බාධා කරන ජාතිද්‍රෝහීන් කවුදැයි හඳුනාගත යුතුයි."

රටේ උද්ධමනය ජනතාවට දැඩිව බලපා ඇති බවත්, මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අධි ආරක්ෂිත කලාප පමණක් නොව මුළු රටේම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද, ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

7 Comments

  1. මෙයා හොඳයි ඊළඟ ජනාධිපති වෙන්න

    ReplyDelete
    Replies
    1. 😂🤣😭අර්ජුන් ඇලෝශියස් හිනා වෙනව ඇති දෙපැත්තෙන්ම.

      Delete
    2. 2000න් පස්සෙ එකෙක් වගේ. තව ඉතිහාසය ඉගෙන ගෙන වරෙන් පුතා. නැත්තන් ඔහේලා ආයෙත් වෙස් මූණු දාගෙන ආපු පාහරයන්ව සුද්ධවන්තයො කරල පු‍ටු උඩ තිබ්බම රටේ අනිත් මිනිස්සුත් ඒවගේ විපාක විඳින්න ඕන මේ දැන් පාහර ජෙප්පො ගෙනත් රටම කෑව වගේ.

      Delete
    3. නාමල් ට වඩා හොඳයි කියලා වෙන්නැති මේ කියල තියෙන්නෙ 😂

      Delete
  2. Meya kiyana dey aththa.

    ReplyDelete
    Replies
    1. යහපාලන කාලේ මුන් කොරපු අමනකම් නිසා තමයි ආර්ථිකය කෙල වෙලාම ගියේ. වලං ශානි, ලියුම් මේස උඩ තියන් හිටපු රවිය වගේ උන් ආණ්ඩුවේ උපදෙස් අනුව තම්බි හුරතල් කරන්න ගිහින් පාස්කු බෝම්බෙ කෑවා. ඒ අස්සේ මුන් බැඳුම්කර වලින් කෝටි 1600ක් ගැහුවා. ඒව තමයි මේ තාම විඳවන්නේ.

      Delete
  3. රට කාපු පල්ලි කාක්කන්ගෙන් විශාලම කාක්කෙක් තමයි මූත්. හොඳ කොටියෙක් තමයි ඉතින්. සිංහල නමක් දැන් දාගෙන හිටියට මූත් දෙමළෙක්. ලලිත් ඇතුලත්මුදලිගේ දේපල කොල්ල කාලා ඒකෙන් රජවෙලා ඉන්නෙ. ලලිත්ගේ දරුවන්ට රටට එන්න දෙන්නෙ නෑ තර්ජනය කරලා. අංක එකේ පාහරයෙක් තමයි.

    ReplyDelete
Previous Post Next Post