බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

 


වෙළඳපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහළ නැග ඇති බවට පාරිභෝගික කියන්නේ චෝදනා එල්ල කරති.

සාමාන්‍ය වෙලදපලේ බිත්තරයක් අලෙවි වෙමින් ඇත්තේ රුපියල් 35 ඉක්මවූ මිලයකටයි.

සුපිරි වෙළඳ සැල්වල නම් බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55-60 සීමාවේය. කුකුල් මස් කිලෝවක් වෙළඳපොලේ අලෙවීමෙන් ඇත්තේ රුපියල් 1300ක් පමණ වන ඉහළ මිලකටයි. 

වෙළඳුන් පවසන්නේ සැපයුම්කරුවන් තමන්ට ලබාදෙන මිල ගණන් ඉහළ දමා ඇති බැවින්, මෙම මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවයි. තවද, මේ දිනවල වෙළඳපොළට ලැබෙන කුකුළු මස් සහ බිත්තර සැපයුමේ යම් අඩුවක් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

Previous Post Next Post