පරිවර්තනීය යුගයක් වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනාම සම්බන්ධ කරගනිමින්, සියලුදෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි බව රජයට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා ය.
පෙබරවාරි 02 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති 'මිල්කො කිරිගොවි අභිමන්' කිරිගොවි ප්‍රසාද දිමනා පිරිනැමීමේ සහ කිරිගොවි රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවය හා සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
'කිරෙන් පොහොසත් සාරවත් රටක් ' යන තේමාව මුල් කරගත් මිල්කෝ කිරිගොවි අභිමන් උළෙල, 2025 වර්ෂයේ ඉහළ ම වෙළඳ පිරිවැටුප් වාර්තා තබමින් ඓතිහාසික ශුද්ධ ලාභයක් වාර්තා කළ මිල්කෝ ආයතනයට එම ලාභය අත්කරගැනීම සඳහා උරදුන් මිල්කෝ කිරිගොවි ප්‍රජාව ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරිණ.
මෙම වැඩසටහනට අනුව මිල්කෝ ආයතනය හා සම්බන්ධ කිරි ගොවීන් 22000කට ආසන්න පිරිසක් වෙත මිල්කෝ ආයතනයේ ලාභාංශ, දීමනා ලෙස ප්‍රධානය කිරීමට නියමිත අතර මෙම උත්සවයේ දී කිරිගොවීන් දෙදහසකට එම දීමනාව සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී. මිල්කෝ ආයතනය හා සම්බන්ධ දිවයිනේ සියලු පළාත්වල කිරි ගොවීන් සඳහා ප්‍රසාද දීමනා ප්‍රදානය කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද මෙම උත්සවයේ දී සිදුවිය.
එමෙන්ම සමාජ ආරක්ෂණ අරමුදල හා මිල්කෝ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන කිරිගොවි විශ්‍රාම යෝජනා ක්‍රමයේ විශ්‍රාම වැටුප් සඳහා සාමාජික හිමිකම් පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිණි.
අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍යවරිය වත්මන් රජය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වුණු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැපවන බවත්, ඒ තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රටේ සියලු නිශ්පාදකයන් සම්බන්ධ කරගැනීම සහ එහි ප්‍රතිලාභ සියලුදෙනාට ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම ආර්ථිකයේ ප්‍රධානම අංගයක් ලෙස සලකන බව කියා සිටියා ය.
අපේ රටේ ආයතන තුළ වංචාව දූෂණය අවම කර , නිසි කළමනාකාරිත්වයක් හා ඉලක්ක සහගත නායකත්වයක් යටතේ නිසි ලෙස පාලනය කිරීම මඟින් ශක්තිමත් ,ප්‍රයෝජනවත්, ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ආයතන ලෙස ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය කෙටි කාලයකින් ඔප්පු කර ඇති බවද පැවසී ය.
වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය ,
"මේ ලාභාංශ අපි ලබාදෙන්නෙ අවුරුදු 21කට පසුවයි. මීටවසර 21කට පෙර ගරු ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලයේ තමයි මෙය ක්‍රියාත්මක වුණේ. වසර 21ක් ගියා නැවත වතාවක් අපිට ඒ තැනට එන්න. එයින් පැහැදිලිව පේනවා පහුගිය කාලය තුළ හිටපු පාලකයො මොන තරම් බොරුවක්ද මේ රටට කළේ කියලා. අපිට මාස පහළොවකින් දාසයකින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණා නම් අවුරුදු ගණනක් මේ ආයතන භාරගෙන හිටපු අය කරපු ඒ වංචාව හොඳටම ඔප්පු වෙනවා. ඒ දේවල් නිවැරදි කරන්න ආර්ථික ක්‍රියාවලිය තුළ සියළු දෙනා සම්බන්ධ කරගෙන ඒ සියලු දෙනාට ප්‍රතිලාභ දෙන, ආයතන නිසි අයුරින් ශක්තිමත්ව ගොඩනගන කාලයක් එළඹිලා තිබෙනවා. " යනුවෙන් පැවසී ය.
මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහතා වසර ගණනාවක් පුරාවට පාඩු ලබන ආයතනයක් ලෙස පැවති මිල්කෝ ආයතනය කෙටි කාලයක් තුළ ඉහළ ආදායම් ලබන ආයතනයක් දක්වා ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ කිරිගොවීන් ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මෙවන් අවස්ථාවන් සඳහා ජාතික වටිනාකමක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේ ය.
නව රජයේ ජනතාවාදී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසා මෙම ආයතනය දියුණුකර විශාල අදායම් ඉපයීමට හැකි වූ බවත්, රාජ්‍ය ආයතන දියුණු කර විශාල වශයෙන් ආදායම් ඉපැයිය හැකි බව මෙමඟින් වඩාත් තහවුරු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. කිරිගොවීන්ට සිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු අවමකර ගැනීම වෙනුවෙන් රජය හරහා ඉටුවිය යුතු සහයෝගය ලබා දීමට ඉදිරියටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඉහළ ප්‍රමිතියෙන් නිසි ක්‍රමවේදයන් අනුව කිරි කර්මාන්තය පවත්වාගෙන යාමට කැපවන ලෙස කිරි ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න , කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ , මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ හා ආයතන නිලධාරීන් මෙන්ම දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි කිරි ගොවි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

2023: The company returned to a profitable position in 2023 after a difficult 2022, though profits were lower than the 2021 level.
ReplyDelete2021: Milco reported a profitable situation during this year, with some reports indicating a profit of around Rs. 400 million.
2016: The company was profitable in 2016, with a reported profit of Rs. 327 million.
2014: A turnaround strategy began to yield profits during this period.
Oka Sinhalen Demmanam Hodai, mokada JVP unta therenne nethi nisa
DeleteThanks for unmasking liers and showing the true history.
Deleteමුන් කට ඇරියොත් බොරුම තමයි 😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් "අඟේ ඉඳන් කන කනවා" වගේ රට විනාශ කරන්න ආපු ආප්ප පාහර බැල්ලි 🤮😡 අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDeleteමේගොල්ලො මම හිතන්නෙ නෑ චන්ද තියයි කියල. මේ ගොල්ලො නීතිය පැත්තකට දාල වැඩ කරන විදියට ආයෙ බලය අත අරියි කියල හිතන්න අමාරුයි. 😡
Deleteආරියතිලක
ReplyDelete"අපි මාස පහළොවකින් දාසයකින් මෙහෙම කලා නම් අවුරුදු ගණනක් හිටපු අය කල වංචා හොඳටම ඔප්පු වෙනවා..”
1. “ ඔව්! ජාතික ජන බලවේගය බලයට පැමිණියේ නැති නම් කිසි සේත් ම බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන්, ජනතා විමුක්ති පෙරමුණ 1987/88/89 දෙවැනි කැරැල්ලේදී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට කරන ලද තීරණය නීතියානුකූලව අධිකරණයට අවශ්‍ය නීතී කෘත්‍යට ඔප්පු කිරීම අසීරු වීමට ඉඩ ඇත. වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිගැනීම, හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ආණ්ඩු පක්ෂය ද පිළිගෙන තිබේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකිහිම නායකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා ය. එසේ ම ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව වන්නේ ජවිපෙ බැවින්, වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාට ම හා පලාත් පාලන ආයතනවල මන්ත්‍රීන් සියලු දෙනාට ම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාව ප්‍රකාර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව කියවෙන බැවින් නීතිමය වශයෙන් බලපානවා ඇත.
මේ මාස 15 න් 16 න් සිදු වූ විශිෂ්ට ක්‍රියාවක් වන්නේ, ලංකා ඉතිහාසයේ ජවිපෙ ත්‍රස්ත ක්‍රියා කළ බව ඔප්පු කර පෙන්නා අවසාන ය. දැන් තිබෙන්නේ නීතිපතිවරයාගේ නිර්දේශ මත ඉදිරියේ දී අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට, පුරවැසියන් වශයෙන් තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමට ඉදිරිපත් වීම ය.
2. "මේගොල්ලො මම හිතන්නෙ නෑ චන්ද තියයි කියල. මේ ගොල්ලො නීතිය පැත්තකට දාල වැඩ කරන විදියට ආයෙ බලය අත අරියි කියල හිතන්න අමාරුයි."
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 157 (අ)ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර බල රහිත වීම, මැතිවරණ නාම යෝජනා පත්‍ර අවලංගු වීම (ජනාධිපතිවරණ, පාර්ලිමේන්‍තු මැතිවරණ ය, පලාත් පාලන මැතිවරණය) හේතුවෙන් ඒ මත පුරප්පාඩු වන, බලරහිත වන සියලු ධූර සම්බන්ධයෙන් ගන්නා අධිකරණ නියෝග මත ක්‍රියාත්මක වනවා ඇත.
3. වතමන් ආණ්ඩුවේ කොමියුනිස්ට්වාදී ඉලක්ක මත ක්‍රියා කරන බැවින්, ඇමරිකා එක්සත් ජනපදය, හා නේටෝ රටවල් ද යුරෝපා සංගමයේ රටවල් ද ඉදිරියේ මේ ආණ්ඩුවට සුභවාදී ප්‍රතිචාර නො දක්වනවා ඇත. ඉරානය සමඟ කරන ගනුදෙනු වෙනුවෙන් ද වන්දි ගෙවීමට සිදු වීම නියත ය. මේ වනවිට කියුබාව ආර්ථික වශයෙන් බල්වත් පීඩාවකට පාත්‍ර වී ඇත. සැපයුම් මාර්ග අඩාල වී ඇත.
ඉරානයේ රජයේ ආරක්ෂක හමුදා ISIS ත්‍රස්ත සංවිධානයට සම කරමින් යුරෝපා සංගමය විසින් ඉරානයේ රජයේ ආරක්ෂක හමුදා ලැයිස්තු ගත කොට ඇත. සම්බාධක ද ලෑස්ති ය.
4. චීන කොමියුනිස් පක්ෂයේ උපදේශ ලබන, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ වැඩ අසල්වැසි ඉන්දියාව නුරුස්සනවා ඇත. මේ ආණ්ඩුව ඉන්දියාව සමඟ දැනට ඇති දේශපාලන හා ආර්ථික උපාය මාර්ග දීගය බිඳ වැටීම නො වැළැක්විය හැක. කිසි සේත්ම අසල්වැසියාට හොරා චීනය සමඟ දීග කෑමට කිසිසේත් ම ඉන්දියාව ඉඩ නො දීම ස්ථීර ය.
5. රුසියාව සමඟ ගනුදෙනු කිරීම ද ඇමරිකාරු බදු ප්‍රතිපත්තියේ උදහසට පක් වීමට හේතු ය.
6. මේ සියල්ල මේ මාස 15 ට 16 ට ඇති කර හත්තේ මේ ආණ්ඩුව විසින් ම ය.
මෙයට අමතරව මේ කාලයේ කියන ලද බොරු, දෙන ලද පොරොන්දු බොරු කිරීම, පාලනයේ නො හැකියාව රටේ ජනතාවට ඔප්පුකර පෙන්වීම, මල්වතු ඔය නැගනහිටට හැරවීම, පැලෙන් කඳුවලට පස් දමා කොටා කඳුබේරා ගැනීමේ සොයා ගැනීම්, සම්බුදු සසුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛස්ථානය අමතක කොට වැඩ කිරීම, ආදී දෑද මේ මාස පහළොවේ හා දාසයකා කාලයේ ජනතාවට දැක බලා ගැත හැකි විය.
“ හොඳ හොඳ සෙල්ලං එළිවෙන යාමෙට” කිව්වා සේ “ හොඳ හොඳ සෙල්ලං බටලන්ද කොමිෂන් සභා නඩුව සමඟ ඉදිරි කාලයට” ජනතාවට දැක බලා ගත හැකි වෙනවා ඇත.
සම්බුද්ධ ශාසනය නොතැකා හැරීමෙන් අවසානයේ “අද්‍යාත්මක හිඟන” කම සමඟ “අප අත් වූයේ කුමක් ද?” යන සිතමින් හූල්ලෑමට සිදු වන කාලය වැඩි ඇතක නො වන බව නම් ස්ථීර ය. බලා ගෙන ඉමු! සත්‍ය ද අසත්‍ය ද කියා.