ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුර ගෙන ඇත්තේ ප‍්‍රසිද්ද චිත‍්‍රපට විචාරකයෙකුට පහර දීමේ චෝදනාව මත ලැබී තිබූ පැමිණිල්ලක් මතයි.
අදාළ පැමිණිල්ලට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථා කිහිපයකදීම ඔහුට පොලිසියට පැමිණ ලෙස දැනුම් දී තිබුණද ඔහු පැමිණ තිබුණේ නැත.
කෙසේ වෙතත් අවසන් වරට කරන ලද දැනුම් දීම අනුව අද දිනයේ එහි පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් රංගන ශිල්පියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
