‘අස්වැසුම’ දිනේට බාර්වල ආදායම නගී..

 


රජය මගින් ලබාදෙන 'අස්වැසුම' සහනාධාර මුදල් ඇතැම් පිරිස් මත්පැන් පානය සඳහා යොදවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අනාවරණය කළේය.

විශේෂයෙන්ම දුරබැහැර ගම්මානවල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර, අස්වැසුම වාරික ගෙවන දිනයන්හිදී මත්පැන් අලෙවිසල්වල ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යන බව වාර්තා වී ඇත.

මෙරට දිළිඳුභාවය පිටුදැකීමට නම් ආර්ථික සහනාධාරවලට අමතරව ගුණාත්මක සමාජ සංවර්ධනයක් ද අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අනිසි මුදල් භාවිතය වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට ආගමික නායකයන්, බුද්ධිමතුන් සහ සමස්ත සමාජයම සක්‍රීයව දායක විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

1 Comments

  1. අස්වැසුමේ ඒ තරම් ගානක් දෙනවද?

    ReplyDelete
Previous Post Next Post