ශම්මිට අස්වන්නැයි විරෝධය වැඩිවෙයි..


අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී නවසීලන්තය හමුවේ ලැබූ දරුණු පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම  තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ. 

මෙම ලැජ්ජාසහගත පසුබෑමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් ක‍්‍රීඩා ලෝලීන්ගෙන් විරෝධයක් මතුවෙමින් පවතී.

මව්බිමේදීම ලෝක කුසලානය දිනාගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකාවට නවසීලන්තය හමුවේ ලකුණු 61ක දැවැන්ත පරාජයක් අත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නවසීලන්ත දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. 

සිම්බාබ්වේ සහ එංගලන්තය හමුවේ ලැබූ පරාජයන්ගෙන් පසු අඛණ්ඩව ලැබූ මෙම තෙවන පරාජයත් සමඟ, මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමි වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ  විරෝධතාවයක් දියත් කර ඇති රසිකයින්, දිගින් දිගටම සිදුවන පරාජයන් හමුවේ වගකීම භාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙසත්, කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කැඳවන ලෙසත් බලකර සිටිති.

පරාජයන් මධ්‍යයේ වුවද තනතුරු අත්නොහරින නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට වන හඬ මේ වන විට ප්‍රබල වෙමින් පවතී.

4 Comments

  1. Who likes to lose millions of commissions from SLC sponsors and contractors. Not second to drug dealer mafia.

    ReplyDelete
  2. Not only Shammi , the whole gang showed the inability . All should be sacked.

    ReplyDelete
  3. sana mokada karanne

    ReplyDelete
  4. මූ පල්ලිය අල්ලගෙන ඉන්නෙ. ඒ නිසා එලවන්න වෙන්නෙ නෑ. පල්ලියට කෝටි ගණන් සල්ලි දුන්නම පල්ලි කාක්කො ටික අන්දවලා එවනව මැච් බලන්න. ගොන්නුනෙ ඉතින් උන් 5000 ටිකට් අරන් මුන්ව පොහොසත් කරලා යනවා අඬ අඬ. මෝඩ හැත්ත.

    ReplyDelete
Previous Post Next Post