පාසල් ළමුන් ප්‍රවාහනය කල ලංගම බස් රියදුරුට පෞද්ගලික බස් රියදුරුගෙන් සහ කොන්දොස්තරගෙන් ප්‍රහාරයක්...

 


ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහර දී ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා පැවසීය.

ඩයගම සිට ගමන් ආරම්භ කරන ලද බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ එයට පිටුපසින් හබා ආ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර රියදුරු අසුනේ දොර ඇර ප්‍රහාරය එල්ල කර ඇති බවි ධාවන කළමණාකාරවරයා කියා සිටියේ.

ලිදුල මෙරායා නගරය ආසන්නයෙදි මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත්, ලංගම බස් රථය විනාඩි 5කට කලින් ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහර දීම සිදු කර ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.

ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුල පාසල් ළමුන් ඇතුලු විශාල පිරිසක් සිට ඇති බවත්, පහර දිම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් ජංගම දුරකථන මගින් විඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බවයි ධාවන කලමණාකාරවරයා කියා සිටියේ.

පහර දීම සම්බන්ධයෙන් ලිදුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කරන බව ධාවන කලමණාකාරයවරයා වැඩි දුරටත් පැවසිය.

රංජිත් රාජපක්ෂ


Previous Post Next Post