කතානායකට එරෙහිව කල පැමිණිල්ලට අල්ලස් කොමිසමට බලපෑම් කරනවාලු..


කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකරන පරීක්ෂණවලට බාධා වන අයුරින් කටයුතු කරන බවට චෝදනා කරමින්, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට බාධා වන ආකාරයට කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කර ඇති බවයි.

කථානායකවරයාට එරෙහිව පවතින පරීක්ෂණයකට අදාළව, පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලිපියක් යොමු කරමින් යම් යම් තොරතුරු හා වාර්තා ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බවත්, එම ලිපිය තමන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සභාගත කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පනත උල්ලංඝනය කිරීමක් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 3, 5, 125 සහ 127 යන වගන්තිවලට අනුව, කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක, එම චෝදනා ලැබූ පාර්ශවය විසින්ම වාර්තා කැඳවීමට කටයුතු කිරීම පරීක්ෂණවලට බාධාවක් සහ බලපෑමක් බව රාජකරුණා මහතා පෙන්වා දුන්නේය. 

මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

කොමිසම්වල ස්වාධීනත්වය ගැන ලිට්මස් පරීක්ෂණයක් මෙම අවස්ථාව ස්වාධීන කොමිෂන් සභාවල සැබෑ ස්වාධීනත්වය උරගා බලන ලිට්මස් පරීක්ෂණයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

ස්වාධීන ආයතන ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට වෙනස් ආකාරයකින් සලකන බවට එල්ල වන චෝදනා හමුවේ, මෙම පරීක්ෂණය මගින් ඒවායේ ස්වාධීනත්වය තහවුරු වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සමගි ජන බලවේගය නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නම් ඉදිරියේදී අවශ්‍ය මොහොතක ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කිසිසේත්ම පසුබට නොවන බවත් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

5 Comments

  1. මොනව හරි කරන්න වෙනවා. කොලු සීන් එක ප්‍රසිද්ධ වුනාට නීතියෙනුත් ඔප්පු උනොත් වෑල්ඩින් ආචාරියාට වඩා නෝන්ඩියක් කන්න වෙනවනේ.

    ReplyDelete
  2. වලත්ත රටක්, වේස ජීවිතයක්February 11, 2026 at 3:05 PM

    රටේ 3 වන පුරවැසියා පවා PHI ඉදිරියේ දණ නැමූ නිසා, PHI වරුන් කතානායකටත් වඩා ඉහලින් ඉන්නා බවයි පෙනෙන්නේ. ඒක නෙමේ, ඇයි මාලිමාවෙ ඔක්කොම උන් මෙච්චර විකෘති කාම වනචරකම් රටේ පතුරුවන්නේ. පළවෙනි එකා පුංචි අම්ම එක්ක නිදි වදිනව. දෙවෙනි එක ආප්ප මාර්කට් එකක් දාගෙන රට වටේ ආප්ප හදන හැටි උගන්නන්න හදනව. මූ කොලු සීන් බෙදනව. ශෝයි මල් පැල ටික.

    ReplyDelete
    Replies
    1. අමුතු ඇටේ අමුතුම කථානායකලා....February 11, 2026 at 10:02 PM

      PHI ට දණගැහුවට කමක් නෑ කියමුකෝ මොකද මිනිහා යුනිෆෝම් ගහන එකෙන්නෙ.

      ඒවගේද කතානායක ඩ්‍රයිවර් ඉස්සරහ දණගැහුව කියන්නෙ කතානායක පට්ටම බලු මාර්ක් එකටම වැටුනයි කියන එකටනෙ.

      Delete
  3. නිට්ටෑවෙකුට චංදය දුන්නේ ඇයි 😢😢😢....??

    ReplyDelete
    Replies
    1. උගන්ඩාවට පන්නපු ඩොලර් ගෙන්නගන්ඩ ඕනෑ හින්ද!

      Delete
Previous Post Next Post