එදා පෘතුගීසීන් පැහැරගෙන ගිය දේවල් ඇමති විජිත ආපසු ගෙනේ..

 


පෘතුගාලයේ සුරක්ෂිතව පවතින මෙරටට අයත් ඓතිහාසික වස්තූන් යළි ලබාගැනීමේ ශක්‍යතාව සොයා බැලීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබේ.

 විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, අමාත්‍ය විජිත හේරත් මහතා සහ පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් මහතා අතර පසුගිය 24 වැනිදා පැවති නිල සාකච්ඡාවකදී මෙම එකඟතාවකට එළඹ ඇත.

එම හමුවේදී දෙරට අතර දැනට පවතින සංස්කෘතික ගිවිසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය මූලික වටයේ සාකච්ඡා කඩිනමින් ඇරඹීමට අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

පෘතුගාල වීසා බලපත්‍ර ලබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට නවදිල්ලිය වෙත යාමට සිදුවීමෙන් මතුව ඇති බාධා අවම කිරීම සඳහා වඩාත් සරල හා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීමට පෘතුගාල අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළේය.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද දෙපාර්ශවයම කැමැත්ත පළ කර ඇත.

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව හරහා ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින මානව හා සංස්කෘතික සබඳතා වඩාත් ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීමට අමාත්‍යවරුන් දෙපළ සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

5 Comments

  1. Amathithumagey paksen, vinasa karapu depala, Jeevitha, Mankolla kapu salli/Raththaran wage dewal wala watinakama paksa aramudalen gewala danna vidiyak hoyala baluwoth narakada??

    ReplyDelete
  2. නිරාගමිකයන් (ක්‍රිප්ටෝ කුරුස) දැන් මේකට එරෙහිව උද්ගෝසන කරයි.

    ReplyDelete
  3. පුක තමා . ගෙන්න හිහිතුවා කියලා කමිටුවක් පත් කරලා හොඳ ගානක් ගහයි කමිටුවට වියදං කියලා

    ReplyDelete
  4. මහා බ්‍රිතාන්නයෙන් ගත්ත වන්දිය වගේ නොවේවා

    ReplyDelete
  5. 88-89 ජප්පො කියල ත්‍රස්තවාදී කණ්ඩායමක් රටේ වස්තුව විනාස කරපු එකටත් උන්ගෙනුත් වන්දි අයකර ගමු ඇමති තුමෝ?
    පැලවත්තේ ඔපිස් එකක ඉන්නවා ටිල්ළිං කියල ධනවත් සීයෙක් , අන්න එයාව අල්ලගෙන සාකච්චා කළානම් හරි.


    ReplyDelete
Previous Post Next Post