රට නැගිටිනකොට, ශක්තිමත්වෙනකොට සතුරෝ කලබල වි ඇති බව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පැවසිය.
මංජුල සුරවිර ආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ පූඩළුඔය පිහිටි කොත්මලේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ මධ්‍යම පළාත් සත්තව නිශ්පාදන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ,
“අපි කැපකිරිම් කරනවා, අපි දාරාගන්නවා, අපිටත් ප්‍රශ්න තියනවා, හැබැයි අපිට තෘප්තියක් තියනවා, මේ රට දැන් නැගිටින්න පටන් අරන් තියෙන්නේ. ජනතාව නැගිටින්න පටන් අරන් තියෙන්නේ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන දිසාවට අරන් ගිහින් තියෙන්නේ. හොරකම නවත්තලා තියෙන්නේ. ගමනක් යන්න පටන් අරන් තියනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම ජාතික සමගිය ඇතුලේ ගොඩ නැගෙමින් පවතිනවා.
ඒ අතරේ, මෙහේ කලබල වෙච්ච හාදයෙකුත් ඉන්නවා, ඉන්දියාවෙන් බැදපු.. ඉන්දියාවෙන් බැදලා ආපු මෙහේ ඉන්නවා දෙමළ ජනතාවගේ නායකයෙක් යැයි කියා ගත්තු කෙනෙක්. මේ දවස්වල පොඩ්ඩක් මනුස්සයට දැන් කිපිලා තියෙන්නේ.
ජනාධිපතිතුමා වතුජනතාවගේ මළයගම් ජනතාවගේ පඩි වැඩි කරනකොට දැන් මොකද වෙලා තියෙන්නේ ? ජනාධිපතිතුමාට පුළුවන්නම් ආරක්ෂකයෝ එක්ක විතරක් එන්නලු, කොහෙටද? නුවරඑලියට.
ජනාධිපතිතුමා නුවරඑලියට එන්න එයාගෙන් අවසර ගන්න ඕන්නෑ. ජනාධිපතිතුමා ආරක්ෂකයෝ නැතුව තමයි ගොඩක් වෙලාවට එන්නේ. පුළුවන්නම් මැයි මාසේ පළවෙනිදා ආරක්ෂකයෝ නැතුව අපි මධ්‍යම කදුකරයේ ලොකු සටනක් කරනවා, ජනතාව දස දහස් ගණනක් එකතු කරගෙන. එදාට පුළුවන් නම් එන්න කියන්න තලවකැලේට එයාට, අර අභියෝග කරපු කෙනාට.
ඉන්දියාවෙන් බැදලා අභියෝග කරන්න ලංකාවේ ඇවිල්ලා දේශපාලනය කරන්නේ. අන්න එයාට. නම් කියන්න හොද නෑ. නම් කියන්න කැතයි. නමක්වත් මාධ්‍යයේ ප්‍රකාශ කරන්න හොද නෑ ඒක නිසා.
ඒ නිසා දැන් ගොඩක් සතුරෝ කලබල වෙලා තියෙන්නේ. රට නැගිටිනකොට, රට ශක්තිමත් ගමනක් යන්න හදනකොට ජරාජිත දේශපාලඥයන්ට දැන් වියරු වැටිලා තියනවා, උන් හිටි තැන් අමතක වෙලා තියනවා, නම් දොඩවන්න පටන් අරන් තියනවා, පිස්සන් වගේ කටයුතු කරමින් ඉන්නවා. ඒ පිස්සුව තව මාස 06ක් යනකොට අපි සම්පූර්ණයෙන්ම හොද කරනවා, ඒ පිස්සුව අපි සම්පූර්ණයෙන්ම අපි ලංකා දේශපාලනයෙන් අයින් කරලා දානවා, ජනතාවාදී පාලනයක් අපි ගොඩනගනවා, ස්ථීරවශයෙන්ම මේ ගමන අපි නවත්තන එකක් නෙවෙයි.
මේ අවුරුදු 5කින් 10කින් එහෙම එකක් නෑ. අපි එන්න එන්න ජනතාවගේ ප්‍රශ්න සියල්ල විසදනවා. එතකොට ඔය බොරු බේගල් කියන, කුමන්ත්‍රණ කරන, පරාජිත දේශපාලඥයන්ට ලංකාව හැර වෙන ඕන රටක පදිංචිවෙන්න තොරගන්න අවස්ථාව එයාලටම ලැබෙනවා. ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ශේප කරලා ඉවරයි”. යනුවෙන් පැවසීය.
- රංජිත් රාජපක්ෂ

එල,එල, එල
ReplyDeleteditta pariipu-no preparation even pre informed, galaguru parippu-change the tendor procedure to loss billions , grade 6 school book parippu- still no investigation results, Maithree parippu-sending officers for a trip in UK , AKD-Lalkantha-hate speach parippu to pis diaspora ELA ELA ELA
Delete