පසුගිය කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල වශයෙන් වාහන මිලදී ගැනීමට යොමුවීම හේතුවෙන්, ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, දැනට පවතින නීතිමය තත්ත්වයන් මත ආනයනය කරනු ලබන වාහන මාස තුනක් ඇතුළත අලෙවි කළ යුතු බවයි.
එම කාලසීමාව ඉක්මවා විකිණීමට නොහැකි වන වාහන සඳහා වාහනයේ වටිනාකමින් 3% ක දඩ මුදලක් අය කෙරේ. මේ හේතුවෙන් ඇතැම් වාහන අලෙවි නියෝජිතයන්ට මාසයකට රුපියල් ලක්ෂ පහක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.
පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙරට භාණ්ඩ ආනයනය යම් ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අනාවැකි පළ කරයි. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ චීන අලුත් අවුරුදු සමය වෙනුවෙන් එරට වරාය සහ වෙළඳ මධ්‍යස්ථාන සති තුනක පමණ කාලයක් වසා තැබීමයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය රේගුවේ වාර්ෂික ආදායම් ඉලක්කයට බලපෑමක් නොවන බව අරුක්ගොඩ මහතා අවධාරණය කළේය. මුදල් අමාත්‍යාංශය විසින් 2026 වසර සඳහා රුපියල් බිලියන 2,207 ක ආදායම් ඉලක්කයක් රේගුවට ලබා දී ඇත.
පසුගිය ජනවාරි මාසයේදී භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් නියමිත ඉලක්කය ඉක්මවා බිලියන 72 ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්ව ඇත.
මේ නිසා ඉදිරි මාසවල සිදුවන ආනයන උච්චාවචනයන් වාර්ෂික ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රේගුවේ ලොක්කා පම්පෝරි ගැහුවට වාහන බද්ද අඩු කෙරුවොත් රේගුවේ 2025 ආදායම බිලියන 1300 (2207-900 = 1307). මේක 2024 ආදායමට (1535 - 50 = 1475) වඩා රුපියල් බිලියන 175 අඩුයි. 2026 වාහන වලින් බිලියන 500 වත් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා රේගුවේ ආදායම බිලියන 2000 ක් වෙන්නෙ නැහැ.
ReplyDelete