සංචාරක ආදායම 5.6%කින් බහී...


 2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් දක්වා සියයට 5.6 කින් පහත වැටී ඇත.

ගිය වසරේ (2025) සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 400.7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සදහන් වේ.

මෙසේ 2026 ජනවාරි මාසයේ සංචාරක ඉපයුම් අඩු වුවත් එම මාසයේ සංචාරක පැමිණීම් සියයට 9.7 කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ (2025) ජනවාරි මාසයේ පැමිණි 252 761 ක් වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණය , මේ වසරේ (2026) ජනවාරි මාසයේ දී 277327 ක් දක්වා වැඩි වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

2 Comments

  1. එක සංචාරකයෙක් වියදම් කරල තියෙන්නෙ ඩොලර් 1348. ගියාම අවුරුද්දට වඩා ඩොලර් 207. අඩුයි.

    ReplyDelete
  2. මුන් දවසකට වියදම් කරන්නෙ ඩොලර් 160. අපි පිටරට ගියාම දවසකට ඩොලර් 300 වත් වියදම් කරනවා.

    ReplyDelete
Previous Post Next Post