පාස්කු නඩුවේ චූදිත ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝගයක්...

 


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවන සැකකරු වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ දෙමටගොඩ නිවසේ තිබී අත්අඩංගුවට ගත් රන් ආභරණ සහ මැණික් ඇතුළු දේපළ, ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් වෙත සතියක් ඇතුළත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය. රජයේ විමර්ශන අංශ අධිකරණ නියෝග පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී විනිසුරුවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය.

මෙම දේපළ මුදාහැරීමට අදාළ මූලික නියෝගය මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් අනතුරුවය.

මීට පෙර සිටි විනිසුරුවරියක ද මේ පිළිබඳ වාර්තාවක් කැඳවා තිබුණද, විමර්ශන අංශ එම නියෝග ද නොසලකා හැර කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

නියමිත කාලය තුළ මෙම නියෝගය ක්‍රියාත්මක නොකළහොත්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ නිවසේ පිපිරීමෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් යන අයගේ සොහොයුරා වන ඉෆ්ලාල් අහමඩ්, නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම දේපළවල අයිතිය තමන් සතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

අදාළ රන් භාණ්ඩ දැනට මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බැවින්, ඒවා මුදාහැරීමට තවත් සහන කාලයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, අද සිට දින හතක් ඇතුළත එම දේපළ අදාළ පාර්ශවය වෙත භාරදිය යුතු බවට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

8 Comments

  1. dena deiyyo getama genath denawa.
    dan sapada

    ReplyDelete
  2. මොනවද මේ වෙන්නෙ? අරහේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින ස්වාමීන්වහන්සේලාව හිරේ දානවා. මෙහෙ කොහොන්දො රටට කඩාපාතුනු රටට විනාශයක් කරන හම් බයෝ සූක්ශම ලෙස නිදහස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සලේ අත්අඩංගුවට


      ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරි

      Delete
    2. රජයේ විමර්ශන අංශ අධිකරණ නියෝග පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී සිය දැඩි අප්‍රසාදය පළ කළේය. Ara nuwaraeliye Ice factoriyta moko une ban?

      Delete
    3. අඩෝ රට ජාතිය වෙනුවෙන් අන්තිමට පෙනී හිටපු හාමුදුරුවොත් ටිබෙට් වල ඉඳන් මෙහෙ වැඩම කරපු උත්තමයෙක්.
      දැන් ඉන්නේ රට ජාතියට කෙලින්න උපන් බර්ත් ඩේ ජොකියො නේ බං. බණ රී මික්ස් කරන්නෙ ගූ රාජ් කියල එකෙක්.

      Delete
  3. විමර්ශන අංශ එම නියෝග ද නොසලකා හැර කටයුතු කර ඇති :Yako ara trinco hamuduruwo allapu set ekata AKD wade dei kiyala hithapu ewun atha ussanna

    ReplyDelete
    Replies
    1. Nuwara eliye Aice hadanna barida man ahanne. Jvp karayo eka Vinivida bawaye karagana yanawa. ai mokada oyalata Panda

      Delete
    2. කවුද බලන්ගොඩ කස්සපකය ද?

      Delete
Previous Post Next Post