ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඇති විය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ප්‍රමිතිය බාල වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මැයි මාසයේදී මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මුහුද රළු වීම නිසා ගල්අඟුරු ගොඩබෑම දුෂ්කර වේ. එබැවින් ඊට පෙර ප්‍රමාණවත් තොග සපයා ගැනීමට නොහැකි වුවහොත් දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බලධාරීන් බිය පළ කරයි.
දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් පළමු නෞකාවේ ගල්අඟුරු සාම්පල පරීක්ෂාවෙන් පසු ඒවායේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇත. මේ හේතුවෙන් රජය දැනටමත් එම නෞකාවට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් නියම කර තිබේ.
අදාළ සැපයුම්කරු යටතේ නෞකා 23ක් මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් නෞකා 9ක් මේ වන විටත් ගමන් ආරම්භ කර ඇත. පළමු නෞකාවේ ගල්අඟුරු අසමත් වීම නිසා සෙසු නෞකාවල ගල්අඟුරු ද දැඩි ප්‍රමිති පරීක්ෂාවකට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර, අදාළ ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී. දකුණු අප්‍රිකානු ගල්අඟුරු ආනයනය කළ ඉන්දියානු සමාගමකට වාසි සැලසෙන පරිදි ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කර ඇති බවට වාර්තා වේ. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් දින 42ක් වන ටෙන්ඩර් කාලසීමාව දින 21ක් දක්වා කෙටි කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත.
විපක්ෂය අවධාරණය කරන්නේ මෙම ගනුදෙනුවට අදාළ සියලු ලේඛන වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
හදිසි මිලදී ගැනීම්වලට අමතරව, ගල්අඟුරු සැපයුමේ දිගුකාලීන අඛණ්ඩතාව සහතික කිරීම සඳහා නව කාලීන ටෙන්ඩරයක් කැඳවීමට ද රජය තීරණය කර ඇත.

ගල් අඟුරු බාල වෙච්ච එකේ වැරැද්ද මයින්ද මාත්තයගෙ කියල මයික් පලන්න එකෙක් නැති වෙච්ච හැටි.
ReplyDeleteනිල් පාට බසය ඔබ එනතුරු බලා සිටී
ReplyDeleteදැං ඉතිං ගිවිසුම අවලංගු කළාට මොකෝ, ලපේනිසුයි පෝර කුමාරයි පගාව සාක්කුවේ දාගත්තට පස්සේ.
ReplyDelete