ගමේ බලය තවම ප්‍රභූන් අතේ.. ප්‍රජා ශක්ති ගේන්නේ ඒ බලයත් නිර්ප්‍රභූන්ට දෙන්න..- ලාල්කාන්ත

 


ජාතික ජන බලවේගයේ රජය විසින් ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කර ඇත්තේ ගම්වල ප්‍රභූ පන්තිය සතු බලය නිර්ප්‍රභූ ජනතාවට ලබාදීම සඳහා බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

"අපි කතා කරනවානෙ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා වචනයක්. රටේ ඉන්න හැම මනුස්සයෙක්ම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනෙ. සම්බන්ධ වුණාට වැඩක් නෑ, ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕනෙ. එහෙම රටක් තවම නෑ. ඒ කියන්නෙ ගම විසින් තීරණය කරගන්නවා ගමේ ආර්ථිකය කෙසේ විය යුතුද කියලා. ඒ නිසා මේක ගමට එක්තරා ආකාරයකට බලය ලැබීමක්. 

ඇත්තටම මේකෙදි ලැබෙන්නෙ නැත්තෙ අර ඡන්ද කාලෙදී මට විශාල විවේචනයක් ආපු ටික විතරයි. මම කිව්වා ගමට දෙන්න ඕනෙ අධිකරණ බලය කියලා. ඒ අධිකරණ බලය හැර අනෙකුත් ක්ෂේත්‍රවල බලය මේ හරහා බොහෝ දුරට ගමට ලැබෙනවා. දැන් පාලක පන්තිය වෙලා ඉන්නෙ ජනතාව නෙවෙයිනෙ, අර ප්‍රභූ තන්ත්‍රය. 

මුළු ගමක පාලනය පිළිබඳ ප්‍රැක්ටිස් එකක් මේක තුළින් ප්‍රජාව ලබනවා. ඒක තුළින් ප්‍රජාව පාලන තත්ත්වයකට උසවීමක් කරන්න පුළුවන්. ඕගොල්ල දන්නවා තාමත් ඔය ගම්වල ඉන්නවා ප්‍රභූවරු කියලා වර්ගයක්. ඒගොල්ලන්ගෙ අතේ තමයි ආධිපත්‍යය තියෙන්නේ."

ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ප්‍රජා ශක්ති වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මහනුවරදී පැවැත්වූ ජනහමුවක් අමතමිනි.

14 Comments

  1. ගමේ ඉන්න බෝක්කු ගංජා සෙට් එකට වැඩක් දෙන්න යන්නෙ. ගමෙනුත් ගුටි කාලා තමයි යන්නෙ කවද හරි ඕකුන්.

    ReplyDelete
    Replies
    1. ඔයා වගෙ බෝක්කු පාලුවෝ ද?

      Delete
    2. අනිවාර්යෙන් ඇයි වට්ටි අම්මල ටික අමතක වුනාද? ඔය පිස්සු ගෑණු ටිකයි ගංජ ගහන ගොන් හැත්තයි එකතු වුනාම ගමත් ඉවර වෙලා තියෙයි.

      Delete
  2. මට චන්ද බලේ තිබ්බත් මෙදා පාර චන්දෙ දෙන්න යන්න ලොකු කැමැත්තක් තිබ්බේ නෑ. ඒක නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල ඔහෙ හිටිය.
    හැබැයි චන්දෙන් පස්සෙ, අපේ ගමේ ගොඩක් අය සැහෙන උනන්දුවකින් එකතු වෙලා ගමේ දේවල් කර ගන්නවා දැන් පේනවා. නගර සභාවෙන් සුපිරි සපෝට් එකක් ලැබෙන බව තමයි ගොඩක් අය කියන්නේ. පාරවල්, ලයිට් කණුවල ලයිට්, වතුර බහින කනු, වෙලේ ඇළවල් එහෙම ටිප් ටොප්. මොනවා උනත් තමන්ගේ බදු මුදල් යහපත් ලෙස පාවිච්චි වෙන බව දැනුනම ගම් වල මිනිස්සු එකමුතු වෙලා වැඩ කරනව.
    මේ තත්වේ නගරේ නම් කොහොමද කියන්න දන්නෙ නෑ. හැබැයි ගමට, ගමේ සාමාන්‍ය මිනිස්සුන්ට ගම දියුණු කරන්න බලතල ලැබෙන එක හොඳ දෙයක්. මාගේ පෞද්ගලික අදහස

    ReplyDelete
    Replies
    1. ඩෝබිලට එහෙම තමයි කියන්න කියල තියෙන්නෙ. රෙද්දෙ මාලිමා හැත්ත කිසිම දෙයක් කරන්නෙ නෑ, පාරක් හදන්නෙ නෑ, කුණු ටික හරියට අස් කරලා සුද්ධ කරන්නෙ නෑ. ඒ වුනාට කොමෙන්ට් වලින්, කතාවෙන් නම් රට හදනව. බදු මුදල් වලින් පිස්සු නටනව. බදු මුදල් වලින් කරපු එක වැඩක් කියපන් බලන්න.

      Delete
    2. අයියෝ ඩෝබි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣v🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
    3. ඡන්දෙ තියල බලපන්. ආස හිතෙයි.

      Delete
    4. මේ පාර නම් මගේ ඡන්දෙ ලොවෙත් මාළිමාවට

      Delete
    5. පුන්නක්කු මිල වෙනස් වෙච්ච නැති නිසා ගොන්නු ටික නම් කොහොමත් ඡන්දෙ දෙයි මාලිමාවට.

      Delete
    6. උඹල ඔහොම නෙමේ අන්නසි ගාලෙ සරම උස්සං දිව්වත් උඹලගෙ බයියොන්ට චන්ද හම්බෙන්නෑ බොල. වල් මයින මැරෙන්න කලින් හිච්චි හනුම ඇතුලට ගියා නන් ආයි චන්ද නොදින්නත් මොකෝ

      Delete
  3. ගමේ කසිප්පු මුදලාලිලා ටිකට පොඩි තැනක් දෙන වැඩක් නේ. හොඳයි. ගම කන්නෙ එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පිනට කසිප්පු දුන්න උන්ට සලකන්න එපැයි යකො. ඒව යුතුකම්..

      Delete
  4. අපි හිතන් හිටියේ මේ මනුස්සයා රටට, ආගමට ජාතියට පොඩ්ඩක් හරි ගරුත්වයක්, ආදරයක් තියෙන මනුස්සයෙක් කියල. ඒත් මිහින්තලේ ලොකු හාමුදුරුවන්ට කියපු කතාවෙන් පස්සෙ මෙයා ගැන තිබ්බ පැහැදීම ගියා. හාමුදුරුවො කෙලින්ම කියන්න තියෙන එක කිව්ව කියලා මෙහෙම ඕන නැති පාහර කතා කියන්න හොඳ නෑ. මොකද උන්නාන්සෙ කිව්වේ ඇත්ත.

    ReplyDelete

  5. ගංජ ලාල්, උඹල මොක්කුද​? නිර් ප්‍රභූද​? අනේ යකෝ මුන්ට කෝටි ගනන් වත්කම්, ලමයි යන්නෙ ඉන්ටනැෂනල් ස්කූල්ස්, විශාකා, රොයල්. මුං එක්ක ඉන්න ලෝයර්ස්ල ඩොක්ටර්ස්ල​, අපාර්ට්මන්ට් දෙන නෝන (පුන්චම්ම නෙමේ).. මෙකී නොකී උන් මොක්කුද ලාලො. නිර් ප්‍රභූද​? මුන් කියන කුණුහරුප අහල තෙත් වෙන මැටි මෝල් හැත්තක් ඉන්නවනෙ, උන් තමයි මේ රටේ සාපෙ.

    ReplyDelete
Previous Post Next Post